සිංහල චිත්‍රපටි ගීත

Tuesday, January 6, 2026

දන සැම මන



ජන සැම මන අධිපතියෙනි තුති වේ
රකිනු මැනව ලක් මාතා

හැර ජාති වංශ ආගම් කුල භේදා

රුදුවන් සැම අපවිත්‍රා

සෝදා ජලයෙනි මහවැලි ගංගා

ශූද්ධ කරන් ලක තුංගා 


බැඳ අප සිත් පෙම් දමිනේ

පර හට වැඩ කරවමිනේ

සෙත දෙන් හට ලක් මාතා


ජය ජය මංගල වේ ජයමංගල 

තුති ගී පවසමු බැතිනා

තුතිවේ.... තුතිවේ.... තුතිවේ

ඔබ හට ජය තුති වේ


සියල් සිරින් හෙබි අප ලක් දිවයින 

දෙව් විමනක් විය රමණී

සිටියෝ රජ දරු පෙර අප නෑසියො 

දුක නැතිවම සමගියෙනී

උතුමෙනි අද කිම සිදු වී

සමගිය අප'තර නැතිවී

සිරිත් ධර්ම වී භංගා


නැත නැත ඔබ හැර අන් කිසි සරණය

කළ මැන සාමය නංවා

තුතිවේ.... තුතිවේ.... තුතිවේ

ඔබ හට ජය තුති වේ


ඔබ දෙන නෙක සිරි දෑ ඉවතා අපි

සෙවුවෙමු අන් අය සරණා

ඉන් අප රමණිය කෙත් වතු පාළුවි

ගියෙ අහො උතුමෙනි කරුණා

නව ජීවන රස දෙමිනී

අවදි කරන් ලක් මෑණී

උදා කරන් නව සූර්යා


ඔබ සිහසුන යොමු කළ මැන සවනය

කියන මෙ අප දුක් ගීතා

තුතිවේ.... තුතිවේ.... තුතිවේ

ජය ජය ජය තුති වේ


ලක් මව හට සරුසාර ජීවන දෙන

අසරණ ගොවි දන රකිවා

ඉදිරි ව අප රට නංවා ලීමට 

ඔවුන ප්‍රබෝධ කරත්වා

සිට ඔබ සිහසුන සෙවණේ

කියමු මෙ ගී සාදරිනේ

ගොතමින පෙම් මල් මාලා

ජය ජය මංගල වේ

ජයමංගල මංගල වෙය අප මාතා

තුතිවේ.... තුතිවේ.... තුතිවේ

ඔබ හට ජය තුති වේ


බුදු රජ කිතුතුම ආදී උතුමෝ

දුන් මෙන් දහමය රමණී

කර අනුගමනය වඩනට සමගිය

ධෛර්ය කරන් අප බැතිනී

ලොව නෙක අන් සැම ජාතී

සමග සමගි සාමයෙනී

ඉන්ට අපට හැකි වේවා


ජය ජය මංගල වේ

ජයමංගල මංගල වෙය අප මාතා

තුති ගී පවසමු බැතිනා

තුතිවේ.... තුතිවේ.... තුතිවේ

ඔබහට ජය තුති වේ


ගායනය - ආනන්ද සමරකෝන්, චන්ද්‍රා සමරකෝන් සහ පිරිස

පද - ආනන්ද සමරකොන්

තනුව - රබීන්ද්‍රනාත් තාගෝර්


1911 දී පමණ රබීන්ද්‍රනාත් තාගෝර් තුමා විසින් රචිත Jana Gana Mana යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


එම මුල් ගීය පසු කලෙක "Bharata Bhagya Bidhata" (Bengali: ভারত ভাগ্য বিধাতা) යන නමින් ඉන්දීය ජාතික ගීය ලෙස පිළිගනු ලැබිණ. (ඒ පිළිබඳ තොරතුරු පහත දක්වා ඇත.)


'දන සැම මන' නම් සිංහල ගීය ප්‍රථම වරට තැටියකට නැඟුණේ 1939 දීය.

එය "හිස් මාස්ටර්ස් වොයිස්" ලේබලයෙන් තැටි ගත වූයේ අංක N. 9310 යටතේය.


මෙහි ඇතුළත් ගීයේ ගැයෙන්නේ මුල් රචනයෙන් කොටසක් පමණය. පසු කලෙක තැටියට නැඟීමේදී ද ⁣පදමාලාවේ අබ වර්ණයෙන් වන කොටස් ගායනා වූයේ නැත.




ඉන්දීය ජාතික ගීය ලෙස "ජන ගණ මන" වංග ගීය පිළිගැනීම.

මෙම ගීය ප්‍රථම වරට ගායනා කරන ලද්දේ 1911 දෙසැම්බර් 27 වන දින කල්කටාවේ පැවති ඉන්දීය ජාතික කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරයේ දෙවන දිනයේදීය. මෙම ගීතය තාගෝර්ගේ ලේලිය වන සරලා දේවි චෞද්‍රානි විසින් පාසල් සිසුන් පිරිසක් සමඟ ඉන්දීය ජාතික කොංග්‍රස් සභාපති බිෂාන් නාරායන් ධාර් සහ අම්බිකා චරන් මජුම්දාර් වැනි ප්‍රමුඛ කොංග්‍රස් සභිකයින් ඉදිරියේ ගායනා කරන ලදී.

1912 දී මෙම ගීතය "භාරත් භාග්‍ය ​​බිධාතා" යන මාතෘකාව යටතේ තත්වබෝධිනී පත්‍රිකා හි ප්‍රකාශයට පත් කරන ලදී.

1947 දී නිව්යෝර්ක් නගරයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ ඉන්දීය නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් විසින් රටේ ජාතික ගීය ලෙස "ජන ගණ මන" ගීතය පටිගත කරන ලදී. ලොව පුරා නියෝජිතයින්ගෙන් සමන්විත රැස්වීමක් ඉදිරිපිට ගෘහ වාද්‍ය වෘන්දය විසින් මෙම ගීතය වාදනය කරන ලදී.

1950 ජනවාරි 24 වන දින ඉන්දීය ව්‍යවස්ථාදායක සභාව විසින් ජන ගණ මන " ඉන්දියාවේ ජාතික ගීය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

ඉන්දීය ජාතික ගීයේ පද (බෙන්ගාලි)

জনগণমন-অধিনায়ক জয় হে ভারতভাগ্যবিধাতা!

পঞ্জাব সিন্ধু গুজরাট মরাঠা দ্রাবিড় উত্‍‌কল বঙ্গ

বিন্ধ্য হিমাচল যমুনা গঙ্গা উচ্ছলজলধিতরঙ্গ

তব শুভ নামে জাগে, তব শুভ আশিস মাগে,

গাহে তব জয়গাথা।

জনগণমঙ্গলদায়ক জয় হে ভারতভাগ্যবিধাতা!

জয় হে, জয় হে, জয় হে, জয় জয় জয়, জয় হে॥


অহরহ তব আহ্বান প্রচারিত, শুনি তব উদার বাণী

হিন্দু বৌদ্ধ শিখ জৈন পারসিক মুসলমান খৃস্টানী

পূরব পশ্চিম আসে তব সিংহাসন-পাশে

প্রেমহার হয় গাঁথা।

জনগণ-ঐক্য-বিধায়ক জয় হে ভারতভাগ্যবিধাতা!

জয় হে, জয় হে, জয় হে, জয় জয় জয়, জয় হে॥


পতন-অভ্যুদয়-বন্ধুর পন্থা, যুগ-যুগ ধাবিত যাত্রী।

হে চিরসারথি, তব রথচক্রে মুখরিত পথ দিনরাত্রি।

দারুণ বিপ্লব-মাঝে তব শঙ্খধ্বনি বাজে

সঙ্কটদুঃখত্রাতা।

জনগণপথপরিচায়ক জয় হে ভারতভাগ্যবিধাতা!

জয় হে, জয় হে, জয় হে, জয় জয় জয় জয় হে॥


ঘোরতিমিরঘন নিবিড় নিশীথে পীড়িত মূর্ছিত দেশে

জাগ্রত ছিল তব অবিচল মঙ্গল নতনয়নে অনিমেষে।

দুঃস্বপ্নে আতঙ্কে রক্ষা করিলে অঙ্কে

স্নেহময়ী তুমি মাতা।

জনগণদুঃখত্রায়ক জয় হে ভারতভাগ্যবিধাতা!

জয় হে, জয় হে, জয় হে, জয় জয় জয় জয় হে॥


রাত্রি প্রভাতিল, উদিল রবিচ্ছবি পূর্ব-উদয়গিরিভালে---

গাহে বিহঙ্গম, পুণ্য সমীরণ নবজীবনরস ঢালে।

তব করুণারুণরাগে নিদ্রিত ভারত জাগে

তব চরণে নত মাথা।

জয় জয় জয় হে, জয় রাজেশ্বর ভারতভাগ্যবিধাতা!

জয় হে, জয় হে, জয় হে, জয় জয় জয় জয় হে॥


Jano Gano Mano Adhinayaka

Jaya Hey Bharata Bhagya Bidhata,

Panjabo Sindhu Gujarato Maratha

Drabiro Utkala Bango

Bindhyo Himachalo Jamuna Ganga

Uchhalo Jalodhi Tarango

Tabo Subho Namay Jagay

Tabo Subho Ashiso Magay

Gahay Tabo Jayagatha.

Jano Gano Mangala Daayaka

Jaya Hey Bharata Bhagya Bidhata

Jaya Hey, Jaya Hey, Jaya Hey,

Jaya Jaya Jaya Jaya Hey


Aharaha Tabo Awhbano Pracharito

Shuni Tabo Udaro Bani

Hindu Bauddho Sikho Jaino

Parasiko Musalmano Khristani

Puraba Pashchimo Aashay

Tabo Singhasano Pashay

Premoharo Hawye Gantha

Jano Gano Oikya Bidhyaka

Jaya Hey Bharata Bhagya Bidhata

Jaya Hey, Jaya Hey, Jaya Hey,
Jaya Jaya Jaya, Jaya Hey

Patana Abhyudaya Bandhuro Pantha

Jugo Jugo Dhabito Jatri

He Chiro Sarathi, Tabo Ratha Chakre

Mukharito Patha Dino Ratri

Daruna Biplaba Majhay

Tabo Shankha Dhwani Bajay

Sankata Dukho Trata

Jano Gano Patha Parichyaka

Jaya Hey Bharata Bhagya Bidhata

Jaya Hey, Jaya Hey, Jaya Hey,
Jaya Jaya Jaya, Jaya Hey

Ghoro Timiro Ghono Nibiro

Nishithay Pirito Murchhito Deshay

Jagrata Chhilo Tabo Abichalo Mangalo

Nato Nayanay Animeshay

Duhswapnay Atankay

Rakkha Karilay Ankay

Snehamayee Tumi Mata

Jano Gano Dukho Trayaka

Jaya Hey Bharata Bhagya Bidhata

Jaya Hey, Jaya Hey, Jaya Hey,

Jaya Jaya Jaya, Jaya Hey


Ratri Prabhatilo Udilo Rabichhabi

Purbo Udaya Giri Bhalay

Gahay Bihangamo Punyo Samirano

Nabo Jibana Rasa Dhalay

Tabo Karunaruno Ragay

Nidrito Bharata Jagay

Jaya Jaya Jaya Hey, Jaya Rajeswara

Bharata Bhagya Bidhata

Jaya Hey, Jaya Hey, Jaya Hey,

Jaya Jaya Jaya, Jaya Hey


උත්සව හා සැමරුම් අවස්ථාවල ගැයෙන ජාතික ගීයේ කෙටි ගීය




රබීන්ද්‍රනාත් තාගෝර් තුමා රචනා කළ, 1911 දී මුල් වරට ප්‍රසිද්ධියේ ගායනා කළ
සම්පූර්ණ ගීය

Vocals- Amaresh Chakraborty, Animesh Chakraborty, Saurav Jha, Tandrima Pramanik, Reshma Banerjee & Monmohon Das, 

Music - Animesh Chakraborty

DOP - Amaresh & Animesh

Poster Design - Cosmosonic Studio

Editing - Cosmosonic Studio

Direction - Amaresh Chakraborty


No comments:

Post a Comment