සිංහල චිත්‍රපටි ගීත

▼

Wednesday, October 7, 2026

සැනසෙන්නම් මා















රෑ අහසේ තරු දිලුණට

නෑ එළියක් සඳ වාගේ

ජීවිතයට මොනවා තිබුණද 

නැ කිසිවක් නුඹ වාගේ 


සැනසෙන්නම් මා 

නුඹ ළඟ නම් හැම මොහොතෙම

හඳුනාගන්නට

ජීවිතයම


සරලයි නම් මා

නුඹ හා ගෙවනා කාලය

සෙනෙහස විඳ

ඉපිලෙයි සිත


පාට ඉතිරෙන දේදුන්නක හැඩ

පාවී යන්නෑ සුළඟේ බොඳවී

ලෝකය ගැන නුඹ දකිනා සිත

පාට පාට දේදුන්නක් වාගේ


සැනසෙන්නම් මා 

නුඹ ළඟ නම් හැම මොහොතෙම

හඳුනාගන්නට

ජීවිතයම


සරලයි නම් මා

නුඹ හා ගෙවනා කාලය

සෙනෙහස විඳ

ඉපිලෙයි සිත


සැනසෙන්නම් මා 

සැනසෙන්නම් මා 

සැනසෙන්නම් මා 


ගායනය - සේනක බටගොඩ

පද - සේනක බටගොඩ

තනුව - සේනක බටගොඩ

සංගීත අදියුුරු - සේනක බටගොඩ




සජීවී ගායනයක...

No comments:

Post a Comment