සිංහල චිත්‍රපටි ගීත

Monday, June 8, 2015

චිතකයේ ගිණි

චිතකයේ ගිණි නිවෙනවා අම්මේ
සත්තමයි නුඹ නම් නිවන් යන්නේ
අළු යටින් ගිණි පුපුරු මතු වන්නේ
මහගෙදර ගිණි සෙමෙන් දළු ලන්නේ

සුදු කොඩිත් වැට ඉනිවලට ගන්නේ
සිවු කොණේ මායිම් වෙනස් වන්නේ
හතෙන් බෙදලා හත් දොහේ දානේ
කොටස දොර ළඟ තබා උන් යන්නේ

චිතකයේ ගිණි නිවෙනවා අම්මේ
සත්තමයි නුඹ නම් නිවන් යන්නේ
අළු යටින් ගිණි පුපුරු මතු වන්නේ
මහගෙදර ගිණි සෙමෙන් දළු ලන්නේ

තනිවමයි මම නුඹත් නැති ගෙදර
එනිසාද මට දැනුණෙ නුඹෙ සුවඳ
මමත් තනිකඩ වී නොසිටියා නම්
පැන් වඩන්නේ කවුද හෙට ගෙදර

චිතකයේ ගිණි නිවෙනවා අම්මේ
සත්තමයි නුඹ නම් නිවන් යන්නේ
අළු යටින් ගිණි පුපුරු මතු වන්නේ
මහගෙදර ගිණි සෙමෙන් දළු ලන්නේ

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - ශාන්ත ජයලත් තිසේරා
තනුව හා සංගීතය - ශාන්ත ජයලත් තිසේරා

No comments:

Post a Comment