සිංහල චිත්‍රපටි ගීත

Monday, July 4, 2016

සීගිරි ළඳකගෙ මල් වට්ටියෙ ලා



සීගිරි ළඳකගෙ මල් වට්ටියෙ ලා
පොඩි පුත නළවන්නා
දොයි දොයි නැළවෙන්නේ
බයි බයි නැළවෙන්නේ

සිරිපාදෙට යන සමනොළ තටු මත
මගෙ පුත නළවන්නා
දොයි දොයි නැළවෙන්නේ
බයි බයි නැළවෙන්නේ

සඳරැස් එළියේ නැහැවෙන පියුමක
රුවමින් නළවන්නා
දොයි දොයි නැළවෙන්නේ
බයි බයි නැළවෙන්නේ

මී පැණි වදයක මී පැණි යහනෙක
රන් පුත නළවන්නා
දොයි දොයි නැළවෙන්නේ
බයි බයි නැළවෙන්නේ

ගායනය - ලතා වල්පොල
පද රචනය - ගරු මර්සිලින් ජයකොඩි පියනම
තනුව - සුනිල් සාන්ත
සංගීතය - බී.එස්. පෙරේරා
1956 දී තිරගතවූ රේඛාව චිත්‍රපටියෙනි.

No comments:

Post a Comment