සිංහල චිත්‍රපටි ගීත

Monday, July 4, 2016

සොම්නස් වුණා හදේ

සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ //
සම්පත් ළඟාවේවි නාමි ප්‍රේම සාගරේ //
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ

සීන කුසුම් පිපී හදේ ප්‍රීති ජීවිතේ මගේ
ප්‍රීති ජීවිතේ මගේ ...//
එහි පෙම් පැණි උරා බොන බඹරා වගේ //
එනු එනුකෝ, පෙම් කුමරෝ
එනු එනුකෝ, පෙම් කුමරෝ සුර සැපතා ළඟ තිබේ

සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ //
සම්පත් ළඟාවේවි නාමි ප්‍රේම සාගරේ //
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ

කිසි දුකක් නැතේ මගේ මේ සුන්දර ලෝකයේ
මේ සුන්දර ලෝකයේ ...//
මම ඔබ ළඟ තමා සුභ දිනකින් ප්‍රියේ //
නැළවෙමුකෝ, පෙම් කුමරෝ
නැළවෙමුකෝ, පෙම් කුමරෝ මේ යෞවන කාලයේ

සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ //
සම්පත් ළඟාවේවි නාමි ප්‍රේම සාගරේ //
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ

ගායනය - ලතා වල්පොල
පද රචනය - හර්බට් ඇම්. සෙනෙවිරත්න
ගී තනු නිර්මාණය - ආර්. මුත්තුසාමි
1957 දී තිරගතවූ සිරියලතා චිත්‍රපටියේ එන ගීයකි.

No comments:

Post a Comment