සිංහල චිත්‍රපටි ගීත

Tuesday, September 13, 2016

අකුරු මැකී නෑ


අකුරු මැකී නෑ
කොළ ගැළවී නෑ
බොඳවී නෑ සිතුවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම් ....//

මේ ඊරී බිම සීරී
කුණ්ඩුමණී හිස පීරී
දීසිය පුරවා දෝසි දමා
කුමුදුමතී හිනැහේවී

අකුරු මැකී නෑ
කොළ ගැළවී නෑ
බොඳවී නෑ සිතුවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්

අපි දුවමු අපි පනිමු
ගී කියමු අපි නටමු
ඇත් පොරයට අපි ඇහැ යවමු
බාල වියට පා නඟමු

අකුරු මැකී නෑ
කොළ ගැළවී නෑ
බොඳවී නෑ සිතුවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - කුමාරදාස සපුතන්ත්රී
තනුව - රෝහණ වීරසිංහ

2 comments:

  1. නාවල අන්නාසි ගීතය දාන්න

    ReplyDelete
    Replies

    1. "නාවල අන්නාසි" ගීය අ⁣ඩවියේ තිබේ. ගී අරණ අඩවියේ ඇති ගී ඔබ වෙත ගෙන එන්නේ, මහත් කැපවීමක් ඇතිවයි. පෞද්ගලිකව හැම ගීයක්ම ශ්‍රවනය කිරීම හා පලකිරීමට පෙරාතුව තොරතුරු වල නිවැරදිතාව අධීක්ෂණය කිරීම කරන්නේ, අඩවිය විසින්ම පණවා ගත් ස්වයං නීති පද්ධතියක පිහිටාය. එසේ කරද්දී, ඔබ කවුද යන්න සඳහන් නොවේ නම්, ඔබට ප්‍රතිචාර දැක්වීම කරන්නේ කුමකටද? කිසිම වාණිජමය බලාපොරොත්තුවක් නැතිව ඔබට මේ සියල්ල ගෙන ආවත්, Unknown ලෙස කරන විමසීම් වලට මින් මතුයෙහි ප්‍රතිචාර නොදක්වමි. සමාවන්න.

      නම සඳහන් නොවන, අයගේ විමසීම් සඳහා ප්‍රතිචාර දැක්වීම නොකරන්නෙමි.

      Delete