සිංහල චිත්‍රපටි ගීත

Sunday, December 23, 2018

ආලේහි බැඳී



ආලේහි බැඳී
ජීවිතේ අඳුරේහී ගැලේවි
සැමදාම ලොවේ නෑ සැප ශෝකේම සදාවී

ආලේහි බැඳී ජීවිත අඳුරේහී ගැලේවි
සැමදාම ලොවේ නෑ සැප ශෝකේම සදාවී
ආලේහි බැඳී

ලැබු ජීවිතෙ සුළු දේකි ඔබේ ඇයි රස වින්දේ
වැනසී යන මායාවකි එය නොලැබෙයි දුන් දේ

පුදුමේකි රජුන් කිවිඳුන් පඬිඳුන් හා සමගා
දණ නමති ලොවේ මේ බිහිසුණු ආලය හින්දා
මේ ආලය හින්දා

ආලේහි බැඳී ජීවිත අඳුරේහී ගැලේවි
සැමදාම ලොවේ නෑ සැප ශෝකේම සදාවී
ආලේහි බැඳී

ඉරිතැලුණු හදින් වැගුරුණු ලේ බිඳුවැල් මත හා
කෝ සොඳුරු බවක් මේ ප්‍රේමය මුසුවුණු තැන හා

මේ ආලයමයි කෙනෙකුට සුර සැප ගෙනදෙන්නේ
මේ දේම තමා ජීවිත ගණනක් වනසන්නේ
ජීවිත වනසන්නේ

ආලේහි බැඳී ජීවිත අඳුරේහී ගැලේවි
සැමදාම ලොවේ නෑ සැප ශෝකේම සදාවී
ආලේහි බැඳී

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය - මොහොමඩ් සාලි
මෙය මිල්ටන් ගුවන් විදුලිය වෙනුවෙන් ගැයූ මුල්ම ගීතය ලෙස වාර්තා වල ඇතිමුත්, ඇලෝයි ම පවසා ඇති අයුරින් ඔහු ස්වදේශීය සේවයට ගැයූ මට ආලෝක පෑ මාගෙ පියේ සහ දී මා හදෙහි ඔබ ආදර ගුණ ගීත දෙක තමයි මුල්ම ගුවන් විදුලියට ගැයූ ගීත වන්නේ.

No comments:

Post a Comment