ආලේහි බැඳී
ජීවිතේ අඳුරේහී ගැලේවි
සැමදාම ලොවේ නෑ සැප ශෝකේම සදාවී
ආලේහි බැඳී ජීවිත අඳුරේහී ගැලේවි
සැමදාම ලොවේ නෑ සැප ශෝකේම සදාවී
ආලේහි බැඳී
ලැබු ජීවිතෙ සුළු දේකි ඔබේ ඇයි රස වින්දේ
වැනසී යන මායාවකි එය නොලැබෙයි දුන් දේ
පුදුමේකි රජුන් කිවිඳුන් පඬිඳුන් හා සමගා
දණ නමති ලොවේ මේ බිහිසුණු ආලය හින්දා
මේ ආලය හින්දා
ආලේහි බැඳී ජීවිත අඳුරේහී ගැලේවි
සැමදාම ලොවේ නෑ සැප ශෝකේම සදාවී
ආලේහි බැඳී
ඉරිතැලුණු හදින් වැගුරුණු ලේ බිඳුවැල් මත හා
කෝ සොඳුරු බවක් මේ ප්‍රේමය මුසුවුණු තැන හා
මේ ආලයමයි කෙනෙකුට සුර සැප ගෙනදෙන්නේ
මේ දේම තමා ජීවිත ගණනක් වනසන්නේ
ජීවිත වනසන්නේ
ආලේහි බැඳී ජීවිත අඳුරේහී ගැලේවි
සැමදාම ලොවේ නෑ සැප ශෝකේම සදාවී
ආලේහි බැඳී
ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය - මොහොමඩ් සාලි
මෙය මිල්ටන් ගුවන්
විදුලිය වෙනුවෙන් ගැයූ මුල්ම ගීතය ලෙස වාර්තා වල
ඇතිමුත්, ඇලෝයි ම පවසා ඇති
අයුරින් ඔහු ස්වදේශීය සේවයට ගැයූ ‘මට
ආලෝක පෑ මාගෙ පියේ’ සහ ‘දී
මා හදෙහි ඔබ ආදර ගුණ’ ගීත දෙක තමයි මුල්ම
ගුවන් විදුලියට ගැයූ ගීත වන්නේ.
No comments:
Post a Comment