Showing posts with label ජානකී. Show all posts
Showing posts with label ජානකී. Show all posts

Saturday, May 9, 2026

රාජා එන්න මාගෙ රාජානේ

ඕ.. ඔහො හො ඔහො හෝ

ඕ.. ඔහො හො ඔහො හෝ


රාජා .. ..  

එන්න මාගෙ රාජානේ

මා දිහා බලාලා

දෙනුවනේ 

දෙඅදරේ

සුමීර ලබන්නකෝ


රාණී ..  

මන්දහාස රාණියේ

මෙන්න මාව ආවා

දෙනයනේ 

නයන මේ

හෙළාලා බලන්න⁣කෝ


සොම්නස් වෙලා 

පෙම් මල් නෙළා

පළඳම් ගෙලේ 

මාගේ සුදා


සුළඟේ සැලේ

හද මා පෙ⁣ළේ

කෝ මේ වෙලේ 

මා ආදරී


අමරණීය පෙම් ගීත කියා


සරල තාලයෙන් පාද තියා


අමරණීය පෙම් ගීත කියා

සරල තාලයෙන්

පාද තියා

ලලිත රංග පාමූ


රාජා එන්න මාගෙ රාජානේ


ලලිතාංගි කොමළාංගි මා නව


අති රමණීය නාට්‍යාංගනා

මා මා මා


ලලිතාංගි කොමළාංගි මා නව

අග රාජිණී නාට්‍ය ලෝකේ වෙමි මා

කවුදෝ මෙ ලොවේ මා හා සමානා

මනරංග මුදු අංග විදුලොලිය වාගේ

සර සප්ත ස්වර කණ්ඨමූලේහී මාගේ

සුලලිත නව නාට්‍ය රසවාහිනී

මා ලලිතාංගි


අඥානී අන්ධ ලියේ

අභිමානේ ඇයි ද මෙසේ

එනු රංග භූමියෙ

මේ තරඟ පිණිස මා හා


ඕ ශාන්ත වව්

ඕ ශාන්ත වව්

කිම භේද හා මේ ආරවුල්

එක්වව් කලා උන්නති කරවු

ජය හා විමුක්තිය ඉන් ලබවු

ඕ ශාන්ත වව්


ගායනය - ජානකී සමග ඒ.එම්. රාජා

පද - විනීත් ජයසූරිය

සංගීතය - පී.එස්. දිවාකර්


1957 දී තිරගතවූ "සුකුමලී" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ දෙමළ ගීයක අනුකරණයකි. තොරතුරු සොයා ගැනීම අසීරුයි.


මෙහි දක්වා ඇති පදමාලාවෙන් කොටසක් පමණි ඉදිරිපත් කර ඇති ගීයෙන් ගැයෙන්නේ.