Showing posts with label ප්‍රියානන්ද විජේසුන්දර. Show all posts
Showing posts with label ප්‍රියානන්ද විජේසුන්දර. Show all posts

Saturday, September 28, 2019

මේ උයන් කොණේ


මේ උයන් කොණේ
නිල් දිය රැඳුණු විල් තෙරේ
ඇළේ දොළේ හඬ ඇසුණේ
අපේ ආදරේ

සීත හිම පෙතේ
සීතල දැවටෙනා වෙලේ
නුවන් නොදුටු රුව ඇඳුණා
සිහින් සීතලේ

සිනා රොදක් නැතී
කඳුළ මා වටා ඇතී
වලා පෙළෙන් ඇදී
තනිව හඳ බලා හිඳී
සහන සතුට ඔබෙයි මගෙයි
අතක දුර නැතී

මේ උයන් කොණේ
නිල් දිය රැඳුණු විල් තෙරේ
ඇළේ දොළේ හඬ ඇසුණේ
අපේ ආදරේ

සීත හිම පෙතේ
සීතල දැවටෙනා වෙලේ
නුවන් නොදුටු රුව ඇඳුණා
සිහින් සීතලේ

දෙමාපියන් බැඳී
පවුරු අප වටා එතී
පියාසලන්නෙමී දිනෙක
ඔබ සොයා එමී
පවන් සලන ලෙසින් සිතක
ගිමන් නිව මැනේ

මේ උයන් කොණේ
නිල් දිය රැඳුණු විල් තෙරේ
ඇළේ දොළේ හඬ ඇසුණේ
අපේ ආදරේ

සීත හිම පෙතේ
සීතල දැවටෙනා වෙලේ
නුවන් නොදුටු රුව ඇඳුණා
සිහින් සීතලේ

ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
පද - ප‍්‍රියානන්ද විජේසුන්දර
තනුව - සමන් කුඹුකගේ


Me Uyan Kone - Chandralekha Perera

ඉර හඳ පල නැත

ඉර හඳ පල නැත දිවුරුම් දෙන්නට
හදවත් අපට ඇතී
කින්නරයාණනි හිත එක තැන නම්
ඒ හොඳටෝම ඇතී ...//

කුරුළු කෙවිල්ලන් දොඩමලු වෙනවා
ලස්සණ සවන් යොමා
උන් අප පෙම ගැන කතාකරනවා
මොකටද තව ප්‍රමා ...//

ඉර හඳ පල නැත දිවුරුම් දෙන්නට
හදවත් අපට ඇතී
කින්නරයාණනි හිත එක තැන නම්
ඒ හොඳටෝම ඇතී

සරැලි නඟන්නේ සයුර වෙරළ සිප
සැනසෙන්නයි හැපිලා
සඳට අහසමය පොළවෙන් පල නැත
ඒ ලෙසමයි ඔබ මා ...//

ඉර හඳ පල නැත දිවුරුම් දෙන්නට
හදවත් අපට ඇතී
කින්නරයාණනි හිත එක තැන නම්
ඒ හොඳටෝම ඇතී

ගායනය - සන්ධ්‍යා විජේසුන්දර සමග ඩෙරික් නිකල්සන් ද සිල්වා
පද - ප්‍රියනන්ද විජේසුන්දර
තනුව හා සංගීතය - ගංගා විමලවර්ධන


Ira Handa Pala Netha - Sandya Wijesundara & Derick Nicleson de Silva

දීපාවලී හඳ බැලුවා


දීපාවලී හඳ බැලුවා කෝවිල මිදුලේ
නාදස්වරම් හඬ ඇසුවා නාඉල අයිනේ
පිච්ච මල් බිසෝ මාගේ ගියේද කොතැනේ
මහරාජා මාලිගයේ හිඳීවි තැවුලේ

ස්කන්ද ස්වාමිනේ ඇයි උස් පහත් බවක් හැදුවේ
මන්ද ආදරේ මේ මහ පවුරු වලින් පිදුවේ
වල්ලි අම්මනේ නුඹවත් නැතිද දිවැස් හෙළුවේ
කදිර කෝවිලේ පුදපෙත් පඬුරු මදිද පිදුවේ

දීපාවලී හඳ බැලුවා කෝවිල මිදුලේ
නාදස්වරම් හඬ ඇසුවා නාඉල අයිනේ
පිච්ච මල් බිසෝ මාගේ ගියේද කොතැනේ
මහරාජා මාලිගයේ හිඳීවි තැවුලේ

තාලිය කර බැන්ද දිනේ තවිල් හඬට නැටුවේ
මගේ කඳුළු සඟවන්ටයි වැස්සට මං තෙමුණේ
කුන්ද සමන් මල් යහනේ කටු පඳුරුයි තිබුණේ
මගේ ආත්මයම නොවෙයි මහරාජට පිදුවේ

දීපාවලී හඳ බැලුවා කෝවිල මිදුලේ
නාදස්වරම් හඬ ඇසුවා නාඉල අයිනේ
පිච්ච මල් බිසෝ මාගේ ගියේද කොතැනේ
මහරාජා මාලිගයේ හිඳීවි තැවුලේ

ගායනය - සන්ධ්‍යා විජේසුන්දර සමග උෂාන් අගහකෝන්
පද - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව හා සංගීතය - උෂාන් අගහකෝන්


Deepavali Sanda Beluwa - Sandya Wijesundara & Ushan Alahakoon

Friday, September 27, 2019

උණුහුමට යා වෙන්න


උණුහුමට යා වෙන්න චුට්ටක් තව ළංවෙන්න
දේදුන්න හේදෙන්න හිනැහෙන්නම් මං

ගල්වංගුවේ අවට මල් පියලි වැටුණාම
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්

උණුහුමට යා වෙන්න චුට්ටක් තව ළංවෙන්න
දේදුන්න හේදෙන්න හිනැහෙන්නම් මං

ගල්වංගුවේ අවට මල් පියලි වැටුණාම
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්

මේ සල් ගහේ රිකිලි කිතිකවන මදනල ද
නෑසෙන්න රහසින්ම මුණුමුණුවකින්
ලෝකයේ ඇස් වලට හැංගෙන්න හැමදාම
තනිවෙච්ච තැන් වල ද තනිවෙන්න යං
තනිවෙච්ච තැන් වල ද තනිවෙන්න යං

උණුහුමට යා වෙන්න චුට්ටක් තව ළංවෙන්න
දේදුන්න හේදෙන්න හිනැහෙන්නම් මං

ගල්වංගුවේ අවට මල් පියලි වැටුණාම
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්

මගෙ හිතට හැමදාම ඉස්පාසුවක් නැතුව
ඔබ ගැනම මතකයට ඉඩ දෙන්න නම්
නෙතු පියන මොහොතකට හීනයට ඔබ එන්න
මේ තරම් මං ඔබට ආදරේ ඇයි
මේ තරම් මං ඔබට ආදරේ ඇයි

උණුහුමට යා වෙන්න චුට්ටක් තව ළංවෙන්න
දේදුන්න හේදෙන්න හිනැහෙන්නම් මං

ගල්වංගුවේ අවට මල් පියලි වැටුණාම
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්
මොනතරම් ලස්සණ ද අපි දෙන්න නම්

ගායනය - සන්ධ්‍යා විජේසුන්දර
පද - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව හා සංගීතය - උෂාන් අලහකෝන්


Unuhumata Yawenna - Sandya Wijesundara

Tuesday, September 24, 2019

මට ආරාධනාවක් කළා දෝ


මට ආරාධනාවක් කළා දෝ
ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්
බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
ආදරෙයි ආදරෙයි සැම දා මා ...//

මල් යාය පීදේ
මට විසනාවන්ත සුවඳින් නැවුම් ගී ලියා දී මගේ ...//
පෙර අත්භවේදී බැඳුණා වගේ
ඔබ ආවාද මගෙ රැයට අරුණෝදෙ වී

මට ආරාධනාවක් කළා දෝ
ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්
බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
ආදරෙයි ආදරෙයි සැම දා මා

දිවි නිම්නයේ අතරමංවී සිතින් හඬන
මට පාර පෙන්වූ තරු නෙත් ඔබේ
රැක ගන්නෙමී ඔබව නිකැලැල් මලේ
ඔබ ප්‍රේමාදරේ මියෙන තුරු ස්නේහයේ

මට ආරාධනාවක් කළා දෝ
ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්
බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
ආදරෙයි ආදරෙයි සැම දා මා ..//

ගායනය - වරදත්ත අරවින්ද
පද - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව - නන්දසේන කටුවාවල



Mata Aradhanawak Kalado - Waradatta Aravinda

මගේ ආත්මය ඔබෙන් මුදා හැර


මගේ ආත්මය
ඔබෙන් මුදා හැර
සුවපත් කළ පින ඔබට අයිති වේ
ළඳුනේ නැවතත්
මඟතොට හමුවී
ඔබ පව් පුරවා ගන්න එපා ...//

මගෙ හදවත හොඳටෝම රිදෙන තුරු
හැඬුවෙමි රෑ ගණනක් තිස්සේ ...//
යළි රිදුනෝතින්
හඬන කඳුළු නැත
හමු නොමවන් භවයෙන් භවයේ

මගේ ආත්මය
ඔබෙන් මුදා හැර
සුවපත් කළ පින ඔබට අයිති වේ
ළඳුනේ නැවතත්
මඟතොට හමුවී
ඔබ පව් පුරවා ගන්න එපා

මගෙ සිතුවිලි මියයාද සියලු දින
නොකියමි නෑ හදවත ගොළුවී ...//
යළි නෙත ගැටුනොත්
හඬන රිදුම් එත
හමු නොමවන් යළි කිසි දවසේ

මගේ ආත්මය
ඔබෙන් මුදා හැර
සුවපත් කළ පින ඔබට අයිති වේ
ළඳුනේ නැවතත්
මඟතොට හමුවී
ඔබ පව් පුරවා ගන්න එපා

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද - ප‍්‍රියානන්ද විජේසුන්දර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි


Mage Aathmaya - Sanath Nandasiri

බෝධිය හෙවණක


බෝධිය හෙවණක ළා දළු පිස එන
මඳ පවනක් සේ ඔබ මට සිසිලයි
මල් ආසනයක
මල් සුවඳක් සේ
සුවඳයි
ඔබ මට සුවඳයි

මුවරද සැඟවුණ පවන් රොදකි ඔබ
තරුවකි රෑ ඝණ අඳුරේ
පවනින'ඹල කළ කියඹු වැලකි ඔබ
විරහිනියක පටු නළලේ
ශරත් නිසශාවක සඳ රැහනකි ඔබ
මුදුවකි විල්ලුද සුමගේ
විදසුන් වඩනට බවුන් ලෙනකි ඔබ
තනිවූ මට දිවි ගමනේ

තමරැස ගිලගත් හිරු මඬලකි ඔබ
ඉකිබිඳ හඬනා ගුවනේ
ප්‍රමුදිත වී දිසි මුත් ගත නොහෙනා
පියුමකි නිල් විල් තලයේ
සෙනෙහස හමුවේ ඔබ මට කඳුළකි
සිරවුණු නයනග පොකුණේ
හිමිකර ගන්නට බැරි ලෙස සැඟවුණු
මුතුවකි දළනිඳු පතුළේ
මුතුවකි දළනිඳු පතුළේ

ගායනය - නන්දා මාලිනී
පද - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව - සේන වීරසේකර


Bodhiya Hewanaka -  Nanda Malini

Monday, September 23, 2019

සදා උකුළු තල මා සුව යහනට


සදා උකුළු තල මා සුව යහනට
තොලගින් මැතිරූ නැළැවිල්ලෙන්
හැරලා මා සුව සිහින විමානෙට
හැරලා මා සුව සිහින විමානෙට
නිදිගන්වා මා ඔබ තුරුලේ
සදා උකුළු තල මා සුවයහනට
තොලගින් මැතිරූ නැළැවිල්ලෙන්

ඇකය පුරා පැන දැඟලිලි පාලා
දෙතොල පුරා රස කිරි තවරාලා ...//

මා සැනසෙන තුරු නැළවිලි ගීයෙන්
හෙළමි කඳුළු මගෙ දුක පවසනසේ

සදා උකුළු තල මා සුවයහනට
තොලගින් මැතිරූ නැළැවිල්ලෙන්

දෑත තොටිල්ලේ මා පදවාලා
සිරුරට මුදු කිරි සුවද බෙදාලු ...//
අම්මේ මතු ඔබ නිවන් දකින තුරු
අඬමි ඔබෙන් රස කිරි ඉල්ලා

සදා උකුළු තල මා සුවයහනට
තොලගින් මැතිරූ නැළැවිල්ලෙන්
හැරලා මා සුව සිහින විමානෙට
හැරලා මා සුව සිහින විමානෙට
නිදිගන්වා මා ඔබ තුරුලේ
සදා උකුළු තල මා සුවයහනට
තොලගින් මැතිරූ නැළැවිල්ලෙන්

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව - අතුල සෝමසිරී


චිත්‍රය ජයසිරි සේමගේ ශිල්පියාගේ නිර්මාණයකි.
Sada Ukulu Thala Ma Suwa Yahanata - Neela Wickramasinha

Sunday, September 22, 2019

රෝස මල් ලෙස

රෝස මල් ලෙස
පිපෙයි සෙනෙහසක්
කටු තුඩින්
බිඳුණු සිත පාරවා
සුමුදු මල් පෙති තරම්
රසවත්ය ආදරය
කටු සිඹිමි සුමුදු පෙති නැති නිසා ...//

සිනහවක් නැති දෙතොල
කඳුළු නෙත රසවත්ය ...//
තනිකම ද අරුතක්ය
තනිකමට කිසිවෙකුත් නැති දා

රෝස මල් ලෙස
පිපෙයි සෙනෙහසක්
කටු තුඩින්
බිඳුණු සිත පාරවා
සුමුදු මල් පෙති තරම්
රසවත්ය ආදරය
කටු සිඹිමි සුමුදු පෙති නැති නිසා

කතාවක් නැති මුවට
නිහඬ බව කවියක්ය ...//
ආදරය සිඟමනකි
යදින්නට සිතෙන්නේ නැති දා

රෝස මල් ලෙස
පිපෙයි සෙනෙහසක්
කටු තුඩින්
බිඳුණු සිත පාරවා
සුමුදු මල් පෙති තරම්
රසවත්ය ආදරය
කටු සිඹිමි සුමුදු පෙති නැති නිසා ...//

ගායනය - ප‍්‍රියානන්ද විජේසුන්දර
පද - ප‍්‍රියානන්ද විජේසුන්දර
තනුව - නන්දසේන කටුවාවල


Rosa Mal Lesa - Priyananda Wijesundara

මගෙ දෑසෙ කඳුළු


මගෙ දෑසෙ කඳුළු
තව දෑසක
සතුටු කඳුළු වේ
අද ඇත ඇය
මට හිමි නැති
මඟුල් පෝරුවේ ...//

මට ඇය දුන් වේදනා
ඇගෙ දෑසින් තේරුණා ...//

මිලින කළේ ඇයි මැණිකේ
පරම චේතනා
පරම චේතනා

මගෙ දෑසෙ කඳුළු
තව දෑසක
සතුටු කඳුළු වේ
අද ඇත ඇය
මට හිමි නැති
මඟුල් පෝරුවේ

නොඉඳුල් පෙම මා පැතූ
ඔබ කළ හැටි අන් සතූ ...//

මට දුන් දුක නොදෙනු මැනවි
ඔහුට මින් මතූ
ඔහුට මින් මතූ

මගෙ දෑසෙ කඳුළු
තව දෑසක
සතුටු කඳුළු වේ
අද ඇත ඇය
මට හිමි නැති
මඟුල් පෝරුවේ ..//

ගායනය - ටියුඩර් ජයශාන්ත
පද - ප‍්‍රියානන්ද විජේසුන්දර
තනුව - රංජිත් පෙරේරා



Mage Dese Kandulu - Tudor Jayashantha

Saturday, September 21, 2019

සඳ තනිව පිපෙයි


සඳ තනිව පිපෙයි
හිරු අඳුර සොයයි
පෙම්වතුන් සමුගන්න හැන්දෑවේ
හිත මටත් හොරා ඔබ සොයා දුවයි
පෙම් පිළිසඳරට ඔබ ඇයි නාවේ ...//

හිනැහුණා වෙරළ රත්තරන් වගේ
කහ ගැහුණු හිරු රැලක් වැටී ඔහේ ...//
කරදියෙන් පෙඟුණු වැලි පලස දිගේ
මට තනිව යන්න මහ දුකක් සිතේ

සඳ තනිව පිපෙයි
හිරු අඳුර සොයයි
පෙම්වතුන් සමුගන්න හැන්දෑවේ
හිත මටත් හොරා ඔබ සොයා දුවයි
පෙම් පිළිසඳරට ඔබ ඇයි නාවේ

පිස දමා කියඹු වැල් නළල් තලේ
කිතිකැවෙන මඳනලක් හමා ඇදේ ...//
අඩ සඳත් හිරුට පසු නැඟුණු වෙලේ
දඟ කරණ තරු දෙඇස දකිමි ඔබේ

සඳ තනිව පිපෙයි
හිරු අඳුර සොයයි
පෙම්වතුන් සමුගන්න හැන්දෑවේ
හිත මටත් හොරා ඔබ සොයා දුවයි
පෙම් පිළිසඳරට ඔබ ඇයි නාවේ

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද - ප‍්‍රියානන්ද විජේසුන්දර
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක


Sanda Thaniva Pipei - Victor Rathnayaka

Friday, September 20, 2019

මහ කැලයක බෙනයක













මහ කැලයක බෙනයක ඉහළම කුලේක නාග රාජයෙක් උන්නා
ඉඳහිටලා උදයට සවසට ලස්සණ තාලෙට පෙනේ කරන්නා
තඩි ගැරඬි පතයෙකුත් කොටයක හුඹයක ඒ ළඟපාතම උන්නා
පෙන ගොබයට හරියට ඉරිසියාවෙ මේ උන්දෑ කාලෙ ගෙවන්නා

ගැරඬිය හවසට තෑගිත් අරගෙන නයා බලන්නට ආවා
මට පැයකට තමුසෙගෙ පෙනේ දෙනවදැයි යාප්පුවෙන් වගෙ ඇසුවා
පෙනයක් ඔහේට මොකටද ඇත්තට නයා ගත් කටට ඇසුවා
මට මගේ තරම පෙන්නන්නට ඕනැයි ගැරඬිය උත්තර දුන්නා

මහ කැලයක බෙනයක ඉහළම කුලේක නාග රාජයෙක් උන්නා
ඉඳහිටලා උදයට සවසට ලස්සණ තාලෙට පෙනේ කරන්නා
තඩි ගැරඬි පතයෙකුත් කොටයක හුඹයක ඒ ළඟපාතම උන්නා
පෙන ගොබයට හරියට ඉරිසියාවෙ මේ උන්දෑ කාලෙ ගෙවන්නා

අනුන්ගෙ පෙනයක් අරගෙන පළඳන් නයෙක් වෙන්න බෑ කිසිදා
නයි පෙනේ කරණකොට කැබිලිති වනලා ඵලක් වන්නෙ නෑ මතු දා
පෙනයක් නැත්නම් පෙනේ තියෙන අය කරණ කියන දේ බලලා
තම තමන්ගෙ තරමත් දැනගන් යාළූ නයා කීවා හිනැහීලා

මහ කැලයක බෙනයක ඉහළම කුලේක නාග රාජයෙක් උන්නා
ඉඳහිටලා උදයට සවසට ලස්සණ තාලෙට පෙනේ කරන්නා
තඩි ගැරඬි පතයෙකුත් කොටයක හුඹයක ඒ ළඟපාතම උන්නා
පෙන ගොබයට හරියට ඉරිසියාවෙ මේ උන්දෑ කාලෙ ගෙවන්නා
උන්දෑ කාලෙ ගෙවන්නා
උන්දෑ කාලෙ ගෙවන්නා ///.

ගායනය - ෆ්‍රෙඩී සිල්වා
පද - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි


Maha Kelayaka Benayaka - Fredy Silva

Thursday, September 19, 2019

සුදු බිත්ති හැඩ කෙරූ


සුදු බිත්ති හැඩ කෙරූ
කුරුටු ගී සිනාසී
තව කලක් රැඳෙනු ඇති
ඔබට මට වද දිදී
පාසලේ ප්‍රේමයට නැවතීමෙ ලකුණ වී
ඉතින් අපි වෙන්ව යමු සදාකාලික නොවී
සදාකාලික නොවී

එකට වනපොත් කෙරූ
එකම තක්සලාවේ
අප කවුද සිප්හලේ
ඉතිහාස කතාවේ
ඔබට මට හිමි නොවූ සෙනෙහසේ නිවහනේ
තණ පලස අරලියා සෙවණ තනිවුනා වේ

පාසලේ ප්‍රේමයට නැවතීමෙ ලකුණ වී
ඉතින් අපි වෙන්ව යමු සදාකාලික නොවී
සදාකාලික නොවී

නිමාවක් නැති බැඳුම්
දෙසිතේම සඟවලා
වේලාව නොම ගෙවා
ගුරු සිතද නොරිදවා
පන්හිඳට පොත් වලට ජීවිතෙන් පිදුම් දී
කඳුළකින් සමුගනිමු අපට අප හිමි නොවී

පාසලේ ප්‍රේමයට නැවතීමෙ ලකුණ වී
ඉතින් අපි වෙන්ව යමු සදාකාලික නොවී
සදාකාලික නොවී

සුදු බිත්ති හැඩ කෙරූ
කුරුටු ගී සිනාසී
තව කලක් රැඳෙනු ඇති
ඔබට මට වද දිදී
පාසලේ ප්‍රේමයට නැවතීමෙ ලකුණ වී
ඉතින් අපි වෙන්ව යමු සදාකාලික නොවී
සදාකාලික නොවී

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද - ප‍්‍රියානන්ද විජේසුන්දර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි


Sudu Biththi Heda Keru - Sanath Nandasiri

ඉඟි බිඟි කරණා


ඉඟි බිඟි කරණා
තරු නෙතු වලට හොරා
සැඟව සිනාසෙමු
අපි ලොව හිඳින තුරා ...//

ගිවිසා ගත්තෙමු වෙන්ව නොයන සේ
අප දෙදෙනා හැරදා
ඔබට කලින් මා මටද කලින් ඔබ
කිසිම දිනෙක හෝ අපට හොරෙන්

ඉඟි බිඟි කරණා
තරු නෙතු වලට හොරා
සැඟව සිනාසෙමු
අපි ලොව හිඳින තුරා

ගිවිසා ගත්තෙමු වෙන්වී යන සේ
අප දෙදෙනා භවයේ
මා මිය යන දින
ඔබ මිය යන දින
එක මොහොතක් ලෙස මතු දවසේ

ඉඟි බිඟි කරණා
තරු නෙතු වලට හොරා
සැඟව සිනාසෙමු
අපි ලොව හිඳින තුරා ...//

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - ප‍්‍රියානන්ද විජේසුන්දර
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.

 
Ingi Bingi Karana - Neela Wickramasinha

Wednesday, September 18, 2019

ප්‍රේම යාතිකා


ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා
ගායකයාණෙනි මන බඳිනා
මන බඳිනා
සෝ ළතැවුල් හද උතුරන අයුරින්
සෝ ළතැවුල් හද උතුරන අයුරින්
පෙම් ගී නොගයන් මතු දවසේ
මතු දවසේ

සවිබල දෑතින් පස්කැට පෙරලන
ඩා බිඳු මතුවී සියොළඟ උතුරන
දරුවන් දිරි ගන්වන්නට දෙරණේ
ගයනු මැනවි අභිමානන ගී
ගයනු මැනවි අභිමානන ගී

ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා
ගායකයාණෙනි මන බඳිනා
මන බඳිනා
සෝ ළතැවුල් හද උතුරන අයුරින්
සෝ ළතැවුල් හද උතුරන අයුරින්
පෙම් ගී නොගයන් මතු දවසේ
මතු දවසේ

මරසෙන් ගුගුරා පෙරමුණ ආවත්
අපගේ අරමුණ නෑ නවතින්නේ
සෞභාග්‍යය සැප සතුට නිධානවු
ලොව ඉදිකෙරුමට යනවා
ලොව ඉදිකෙරුමට යනවා

ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා
ගායකයාණෙනි මන බඳිනා
මන බඳිනා
සෝ ළතැවුල් හද උතුරන අයුරින්
සෝ ළතැවුල් හද උතුරන අයුරින්
පෙම් ගී නොගයන් මතු දවසේ
මතු දවසේ

ඔබගේ පෙම් ගී දැහැනින් මිදිලා
ගායකයාණෙනි අපි දිරි වැඩුමට
උදාන ගී මතුරණු මැනවී
උදාන ගී මතුරණු මැනවී

ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා
ගායකයාණෙනි මන බඳිනා
මන බඳිනා
සෝ ළතැවුල් හද උතුරන අයුරින්
සෝ ළතැවුල් හද උතුරන අයුරින්
පෙම් ගී නොගයන් මතු දවසේ
මතු දවසේ

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව - ප්‍රේමසිරි කේමදාස

වඩා හොඳ තත්වයෙන් වන ගීයක් සොයාගන්නා තුරු මේ ගීයෙන් සැනහෙන්න. බිඳවැටීම් කිහිපයක් එකලස් කළත්, දුර්වල හඬ තත්වය මීට වඩා පිරිපහදු කිරීම උගහට බව කණගාටුවෙන් කියමි.


Prema Yathika - Neela Wickramasinha

Thursday, August 8, 2019

රෑහි රංචු හඬ අහලා


රෑහි රංචු හඬ අහලා හැන්දෑවට තරු බලන්න
බකිනි ගහේ ඉඟි කරනා කලාමැදිරි මල් ගණින්න
ඉස්සර වගෙ ගොම්මනේට අම්මා එන මඟ බලන්න
අක්කණ්ඩී ....
ඉඳි වැට ගාවට යමුද හිනා මල් මවන්න

කුප්පි ලාම්පුවෙ එළියෙන් බිත්තියෙ හෙවණැලි අඳින්න
ඉරටු ඉලක්කම් ගැණලා පුංචි කතන්දර අහන්න
කෝම්පිට්ටු ගෙදර ඉඳන් සණ්ඩු වෙවී ඇද කරන්න
අක්කණ්ඩී ....
ඒ පුංචි ලොවට යමුද හිනා මල් මවන්න

හැන්දෑවට හඳ එළියේ සාරි පොඩිත්තක් අඳින්න
හීතලේට නිදි පැදුරේ තුරුළු වෙලා නිදාගන්න
ලියදි උඩින් පියමං කොට දං වාරෙට දං කඩන්න
අක්කණ්ඩී ....
ඒ පුංචි ලොවට යමුද හිනා මල් මවන්න


ගායනය - නීලා වික්‍රමසිංහ
පද - ප්‍රියානන්ද විජේසුන්දර

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

 

Thursday, August 1, 2019

සඳ බොඳවී


සඳ බොඳවී ලොව හෙළනා තුසර කෙඳිත්තේ
නොහිම් සීතලේ
යොවුන් පෙම් පැතුම් අවුරයි සතර දිගන්තේ

උරුම නැති වනන්තරේ
බමර විස නිරන්තරේ
සොයා යන අපිත් යන්නට
සෙනෙහසේ කතන්දරේ
විසක් නැතුව මල් පිපෙනා රටක් ඇති තැනේ

සඳ බොඳවී ලොව හෙළනා තුසර කෙඳිත්තේ
නොහිම් සීතලේ
යොවුන් පෙම් පැතුම් අවුරයි සතර දිගන්තේ

තරු කැකුළු පිපී නැඟේ
දිය කඳුරු පිරීතිරේ
දියෙන් දියම සනහාලයි
සිහිලස හද පුරවා
අපේ ලොවට මල් පිපිලා සුවඳ හමාවී

සඳ බොඳවී ලොව හෙළනා තුසර කෙඳිත්තේ
නොහිම් සීතලේ
යොවුන් පෙම් පැතුම් අවුරයි සතර දිගන්තේ

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව - සරත් දසනායක


Tuesday, January 31, 2017

දවසක් දා කකුළුවෙකුට

දවසක් දා කකුළුවෙකුට මොනවද හිතිලා
කෙළින් යන්න ටියුෂන් දෙන පංතියකට ගියා
මාස හයක් පාඩම් වැඩ තැපෑලෙන් කළා
කෙළින් යාමෙ උපාධයෙන් ඉහළින් ගොඩවුණා

හරි තේජස් මැද කකුළු කොලුව කෙළින් ගමන් කළේ
මූ අංග විකල කකුළුවෙකැයි සැවොම විහිළු කළේ

නෑ සීයෙ මේක නියම ගමන තමයි අපේ රැහේ
කිව්ව නමුත් කවුරුත් නෑ කෙළින් ගමන් කළේ

දවසක් දා කකුළුවෙකුට මොනවද හිතිලා
කෙළින් යන්න ටියුෂන් දෙන පංතියකට ගියා
මාස හයක් පාඩම් වැඩ තැපෑලෙන් කළා
කෙළින් යාමෙ උපාධයෙන් ඉහළින් ගොඩවුණා

මේ සැවොම ඇදට යනවා නම් මටත් මොකෝ කියා
සහතිකය ඉරා දමල මූත් පරණ ගමන ගියා ...//

දවසක් දා කකුළුවෙකුට මොනවද හිතිලා
කෙළින් යන්න ටියුෂන් දෙන පංතියකට ගියා
මාස හයක් පාඩම් වැඩ තැපෑලෙන් කළා
කෙළින් යාමෙ උපාධියෙන් ඉහළින් ගොඩවුණා

මේ කෙළින් යාමෙ උපාධියෙන් ඉහළින් ගොඩවුණා
කෙළින් යාමෙ උපාධියෙන් ඉහළින් ගොඩවුණා
අනෙ කෙළින් යාමෙ උපාධියෙන් ඉහළින් ගොඩවුණා
කෙළින් යාමෙ උපාධියෙන් ඉහළින් ගොඩවුණා

කෙළින් යාමෙ උපාධියෙන් ඉහළින් ගොඩවුණා

ගායනය - ෆ්‍රෙඩී සිල්වා
පද - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

Thursday, December 29, 2016

සඳ රෑ සිහිනයේ

සඳ රෑ සිහිනයේ
රැඳෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ

කඳූළැල් පියන් වසනා වෙලේ
අඬණා යුග නෙතූ
තවරා කසුන් හසකැන් දොවා
ළංවී හද පිදූ
සරසා ආදරෙන්
තනිවී ඒ රැයේ

සඳ රෑ සිහිනයේ
රැඳෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ

දහවල් පැයේ යනෙනා මඟේ
දකිණා සැම නෙතින්
රැකවල් හෙලා ගෙනෙනා තුරා
සුරතේ රැඳි අතින්
සැඟවී වෙන්වෙලා
තනිවී ඒ රැයේ

සඳ රෑ සිහිනයේ
රැඳෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව - සේන වීරසේකර

Tuesday, December 27, 2016

මේ සිනහව රැඳෙයි කියා

මේ සිනහව රැඳෙයි කියා
තුන් කල් වෙහෙස දරා
තෙළි තුඩ නිම කළ ඔබෙ රූ
මා රුව ඇඳුණු මෙසේ
සිතිවිලි මැවෙනු කෙසේ
මේ සිරවුණු කරදහියේ ...//

දෑසේ පිපුණු සෙනෙහේ කැකුළූ
මට ඇඳුණා නොදැනිම සිතිලා
පාළුව දැනුණූ මොහොතේ ඇඳුණු
සේයාවයි ඔබෙ රුව මැවිලා

මා සිරවේවී
වල්මත් වේවී ..//
බිත්ති පුරා සිතුවම් වීලා

මේ සිනහව රැඳෙයි කියා
තුන් කල් වෙහෙස දරා
තෙළි තුඩ නිම කළ ඔබෙ රූ
මා රුව ඇඳුණු මෙසේ
සිතිවිලි මැවෙනු කෙසේ
මේ සිරවුණු කරදහියේ

මා ළඟ ඉන්නයි මෝනාලිසා සේ
සංසාරේ තනිකම පළවා
මා සැනසෙන්නයි ඔබෙ රුව ඇන්දේ
කඩදහියක සිතුවම් ගලපා

බෑ මට හැමදා
ඉන්නට රැඳිලා ..//
හැම නෙතටම දසුනක් වීලා

මේ සිනහව රැඳෙයි කියා
තුන් කල් වෙහෙස දරා
තෙළි තුඩ නිම කළ ඔබෙ රූ
මා රුව ඇඳුණු මෙසේ
සිතිවිලි මැවෙනු කෙසේ
මේ සිරවුණු කරදහියේ ...//

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි