පුංචි අපට කිරියි
පැණියි ගෙනෙන්නේ (ගෙනෙන්නේ) …//
හඳේ එළිය අපේ ලිඳට
වැටීලා
උදේට නැති ලස්සණ මල්
පිපීලා ....//
සිටි නැළවිල්ලේ
වලා තුරුල්ලේ
හඳ හාවා අවදිවෙලා
ගුවන් තොටිල්ලේ ....//
කන්ද උඩින් හඳ මාමයි
බලන්නේ (බලන්නේ)
පුංචි අපට කිරියි
පැණියි ගෙනෙන්නේ (ගෙනෙන්නේ) …//
අන්න සුරංගනා ලොවයි
පෙනෙන්නේ
රංචු ගැසී සුර දැරියන්
නටන්නේ ....//
සිටි නැළවිල්ලේ
වලා තුරුල්ලේ
හඳ හාවා අවදිවෙලා
ගුවන් තොටිල්ලේ ....//
කන්ද උඩින් හඳ මාමයි
බලන්නේ (බලන්නේ)
පුංචි අපට කිරියි
පැණියි ගෙනෙන්නේ (ගෙනෙන්නේ) …//
නිලට නිලේ තැන තැන එළි
දිලෙන්නේ
දුරට රිදී තරු වාගෙයි
පෙනෙන්නේ ....//
සිටි නැළවිල්ලේ
වලා තුරුල්ලේ
හඳ හාවා අවදිවෙලා
ගුවන් තොටිල්ලේ ....//
කන්ද උඩින් හඳ මාමයි
බලන්නේ (බලන්නේ)
පුංචි අපට කිරියි
පැණියි ගෙනෙන්නේ (ගෙනෙන්නේ) …//
ගායනය: විජිත කුසුම්
ලියනගේ, නොයෙලින් ලියනගේ සහ අයිරින් ලියනගේ
පද: ආචාර්ය අජන්තා
රණසිංහ
ගී තනු: ඩී.ඩී. ඩැනී
මෙම ගීයේ පැරණි ගායනය ක් සොයා ගැනීමට නොහැකි විය. මෙහි ඇත්තේ ඉතාම මෑත,
ලියනගේ සොයුරියන් රූපවාහිනී වැඩසටහනකදී ගායනා කළ ගීයකි.
No comments:
Post a Comment