මා දූ රූ වෝ මදුරුවෝ
ඒයි මොකද මාව කෑවෙ මෝඩ මදුරුවෝ
ඒකයි මම නියපොත්තෙන් කෙනිත්තුවේ උඹෙ ඔළුව
උඹට රිදුන වගේ තමයි මටත් රිදුනෙ ඒ වෙලාවෙ
උඹට රිදුන වගේ තමයි මටත් රිදුනෙ ඒ වෙලාවෙ
මෙච්චර කල් ගෙදර ඉඳලා බණ පදයක් අහල නැද්ද?
අහල නැද්ද බණ පදයක්?
බොන්න වතුර ළිං වල ඇති
කන්න අහර තැන තැන ඇති
බොන්න වතුර ළිං වල ඇති
කන්න අහර තැන තැන ඇති
මොකද මගේ ඇඟේ වහලා මේ විදියට වද දෙන්නේ //
උකුණො මකුණො මදුරුවන්ට විස දළ ඇතිවෙන්න එපා
මහ විසකුරු දළ තිබුනත් අනුන්ට වද දෙන්න එපා ...//
ගායනය - මංජුලා නානායක්කාර
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - අඥාතයි
No comments:
Post a Comment