සිංහල චිත්‍රපටි ගීත

Friday, May 3, 2019

දිළිඳු බව ලැබ

දිළිඳු බව ලැබ ඉපදුණි මෙලොවේ
කර්මෙ ලෙසේ පෙර සසරේ
හෝ.. ඔඕ.....
දිළිඳු බව ලැබ ඉපදුණි මෙලොවේ
කර්මෙ ලෙසේ පෙර සසරේ

මේ අසරණ අප අඳුරේ දමාලා
ඇයි සැප මේ ලොවේ අපටා නොදීලා
දුකෙම හෙළාලා ....//

හෝ.. ඕ..ඕ... ඕ..

යාවී දැන් ලෝකේ බලයටම ඇදීලා
මේ ද අහෝ යුක්ති ධර්මේ
හෝ.. ඔඕ.....
දිළිඳු බව ලැබ ඉපදුණි මෙලොවේ
කර්මෙ ලෙසේ පෙර සසරේ

ධනවතා මේ විඳිනාවූ  සැප ශ්‍රී
මෙහෙකරු අපගේ ඩාදිය වලිනී
ඩාදිය වලිනී ....//

හෝ.. ඕ..ඕ... ඕ..

සේවෙ කළත් කෙතරම් අපි වෙහෙසී
සෑහීමක් නොම වන්නේ
හෝ.. ඔඕ.....
දිළිඳු බව ලැබ ඉපදුණි මෙලොවේ
කර්මෙ ලෙසේ පෙර සසරේ

අවු වැසි නොතකා කුස ගින්න නොබලා
රෑ ද දවාලේ දහදුක් ම දීලා
දහදුක දීලා .....//

හෝ.. ඕ..ඕ... ඕ..

නිදහස අප සැමගේ සුන් කරලා
ඇයි මේ ලෙස වැඩ ගන්නේ
හෝ.. ඔඕ.....
දිළිඳු බව ලැබ ඉපදුණි මෙලොවේ
කර්මෙ ලෙසේ පෙර සසරේ

ගායනය - ලතා වල්පොල
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව - චිත්‍රගුප්ත
සංගීතය - ආර්. සුදර්ශනම්

1956 දී තිරගතවූ "දොස්තර" චිත්‍රපටියේ ගීයකි.

1955 දී භාරතයේ තිරගතවූ "Shiv Bhakta" චිත්‍රපටියට ආශා බෝස්ලේ ගැයූ "Mile Amiri Ya Fakiri Mujhe Darr Kya" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීතය

Song: Mile Amiri Ya Fakiri Mujhe Darr Kya

Singer: Asha Bhosle

Music Director: Chitragupt

Lyricist: Gopal Singh Nepali

Film: Shiv Bhakta (1955)




No comments:

Post a Comment