සිංහල චිත්‍රපටි ගීත

Friday, May 3, 2019

ශ්‍රී ලංකා දීපයේ

තම්දා තනන තාන තනෙන
තම්දෙන තන තාන තනෙන
තනෙන තනෙන තනෙන තනෙන තානා

දින් දින තන තාන තනෙන
දින් දින තන තාන තනෙන
තනෙන තනෙන තනෙන තනෙන තානා

චමක චමා චුම් චන නන
චමක චමා චුම් චන නන
චුම් චනනන චුම් චනනන චුම් චනනන චුම්

ශ්‍රී ලංකා දීපයේ මේ නව සමාජයේ
නිදහාසේ බීලා අපී නටමූ ජොලියේ
සුර ලෝකේ පානෙ මේ
සුර ලෝ විනෝදෙ මේ
උඹ නැතිදා මං ඉඳලා ඇයි මේ ලෝකේ

කොයි කාටත් නිදහස ලැබුණා නේ
උඹ තාමත් ඔය බීමේ වහලා නේ
පවුල මෙහේ අඬනවා
මිනිහ ඔහේ නටනවා
ලොවටත් ගිනි වද්දලා
පවුලත් මකබාවලා
පාරක හෝ කාණුවකයි බේබදු මරණේ

සුර ලෝකේ පානෙ මේ (චමක චමා චුම් චන නන
සුර ලෝ විනෝදෙ මේ (චමක චමා චුම් චන නන
උඹ නැතිදා මං ඉඳලා ඇයි මේ ලෝකේ (චුම් චනනන චුම් චනනන චුම් චනනන චුම්

අපි වාගේ බොන මිනිසුන් වැඩි නිසා
ආණ්ඩුව පොහොසත් වී වැඩියෙන් දියුණු වුණා
අඅආ... ආ.... අඅආ... ආ.... අඅආ... ආ....
අපි වාගේ බොන මිනිසුන් වැඩි නිසා
ආණ්ඩුව පොහොසත් වී වැඩියෙන් දියුණු වුණා
ආණ්ඩුව නැති රටේ
දියුණුව බිඳ වැටේ

රට පිරිලා රන් කාසී පිරිලා ඇයි
ඕ හෝ හෝ හෝ....
තිරිසන් සේ බේබද්දෝ ඉඳලා ඇයි
මේ සුරාවෙන් අනේ
ලෝ අපායක් වුණේ

මිනිමරුවන් වැඩිවෙතී
හොරු තක්කඩි බෝවෙතී
ලෙඩ රෝගත් අපරාධත් තව වැඩිවේවී

සුර ලෝකේ පානෙ මේ (චමක චමා චුම් චන නන
සුර ලෝ විනෝදෙ මේ (චමක චමා චුම් චන නන
උඹ නැතිදා මං ඉඳලා ඇයි මේ ලෝකේ (චුම් චනනන චුම් චනනන චුම් චනනන චුම්

මහ වැස්සත් ගිනි අව්වත් නොසලකා
පිරිමින් දුක් වින්දේ ගෑණුන්ගේ සැප නිසා
ඒ දුක් වේදනා
බීමෙන් නැතිවුණා

උඹගේ ඒ බොරු ආලේ දන්නවා මං
ඕ හෝ හෝ හෝ....
ගැබිනි කාලෙ ගුටි කෑ හැටි මතකයි දැන්
දරු ඵලත් නැති කළේ
මේ උඹේ බීම නේ 

ඒ තරමට බිහිසුණු මේ සුරාපානේ
පරමාණුව වාගේමයි භයංකාර නේ
සීයා පා
මුත්තා පා
මං ඉතින් බොන්නෙ නෑ

බොරු සැපයක් පෙන්නලා
අනන්ථ බර දුක් දෙනා
සුරා යකා මළොත් තමයි කිරි ඉතිරෙන්නේ

ශ්‍රී ලංකා දීපෙහී නිදහාසේ මල් පිපී
සියල් සතුන් නිදුක් වෙවා සැප සෑදේවා

ගායනය - ලතා වල්පොල සමග මොහිදීන් බෙග් සහ පිරිස
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - ආර්. සුදර්ශනම්

1956 දී තිරගතවූ "දොස්තර" චිත්‍රපටියේ ගීයකි.


තෙළිගු චිත්‍රපටි ගීය


No comments:

Post a Comment