සිංහල චිත්‍රපටි ගීත

Friday, September 13, 2019

ලොකු වුනාම වෙන්න කැමති


හරිම හොදයි හැම බබාම අද ඇවිල්ලා වේලසනින්
අපි පන්තිය පටන් ගනිමු ආයුබොවන් ගුඩ් මෝනින්

ආයුබොවන් ගුඩ් මෝනින්

අද පාඩම පටන්ගන්න කලින් සැවොම මේ අහන්න
ලොකු වුනාම වෙන්න කැමති කවුද කියලා මට කියන්න
අත උස්සලා මට කියන්න


මානව හිමිකම් ගැන උද්ඝෝෂණ කරවන
එන් ජී ඕ එකක් දමා ගන්නෙමි එහි මුල් තැන


ගයන නටන ඉස්ටාර්ලා දැක මගෙ බඩ දනවා
සීසන් ටෙන් එකේදි හරි මම තරුවක් වෙනවා


ආසයි වාහනේ පාරෙ දකුණින් එළවන්න
කැමතියි මම ඇමති කෙනෙක් ළඟ ඩ්‍රයිවර් වෙන්න


තම තමාගෙ ගැන විතරක් දරුවනි හොද නෑ හිතන්න
ආස කෙනෙක් නැද්ද මෙතන රටට සේවයක් කරන්න

මම ඉපදුණ මගේ රටට නිහඬ සේවයක් කරන්න
මම ආසයි ජනාධිපති උපදේශක කෙනෙක් වෙන්න

මාධ්‍යවේදියෙක් වෙනවා මම නම් ලොකු වීලා
රටට සේවෙ කරනවා ඉල්ලන සින්දුව දීලා
කැමතිම සින්දුව දීලා


මෙගා නාට්ටියක් කරමි කොටස් දෙතුන් දහක
එහෙන් මෙහෙන් රඟපානවා මමත් එහෙක දෙහෙක
අනෙ අපිත් එහෙක දෙහෙක


කෙනෙක් කරන දේ වැදගත් තමන්ට වාගෙම රටටත්
තමුන් ආස දේ කියන්න අත උස්සලා කෙනෙක් තවත්


මම කැමති
යි ක්‍රීඩාවෙන් ඉදිරියටම එන්න
ලොකු වුනාම හරි ආසයි ක්‍රිකට් වලට යන්න


ක්‍රීඩාවත් හොදයි පුතේ පෙරටම යන්න
උපන් රටට ගෞරවයක් අත්කර දෙන්න


මට නම් බෑ අවුවෙ දිගට ක්‍රිකට් ගහන්න
මෙමට ඕනෙ ක්‍රිකට් බෝඩ් එකට පනින්න
බෝඩ් එකට පනින්න
පැනලා සේවෙ කරන්න
ක්‍රීඩකයින් තෝරන්න
වර්ල්ඩ් කප් එක ගන්න


ගායනය - රන්වල ළමා බලකාය සමග නිලුපුල මධුරංගා
පද - ගාමින්ද ප්‍රියවිරාජ්
සංගීතය - විරිඳු නාද රටා ඇසුරින්



Loku Unama Wenne Kawda - Ranwala Lama Balakaya

No comments:

Post a Comment