සිංහල චිත්‍රපටි ගීත

Thursday, September 12, 2019

පින්වන්ත ගැටව් හිර ගන්නට එයි

පින්වන්ත ගැටව් හිර ගන්නට එයි ආරංචි වෙලා 
හොඳ රුව ගුණයෙන් පිරි කත පරදන්නේ රුව එතනා
 
සිරි විසිතුරු
පිරි පිවිතුරු
සුන්දරීගෙ කතා
හිස පොපියන
පියුම් විලට
ඇසෙන බඹර කතා

(සිනා)

ඔසරි පොටට බෝම දී සොබා
හැඩ වැඩ
නෙරිය බේරෙනා
දළදා හිමි පිහිට ලබා
පා සළඹෙහි නාද නගා
දිගු වරලෙහි මා පටලා
පා තබමින් නිතඹ සලා
ගත සිහිලෙන් මා නහවා
එනු මැණිකේ කෝල නොපා

ඔසරි පොටට බෝම දී සොබා
හැඩ වැඩ
නෙරිය බේරෙනා

කිරි වෙහෙරට
මල් පුද කොට
මෙහෙමම හැඩ රුව පැතුවා

ආ විඩේම අපෙ ගම සරසාවී
ආ ගමේම අය මඟුලට ඒවී

කොච්චොලු කට
බහ දෙන කොට
කුරහන් රත මම දුටුවා

කළු දොදොලක
තෙල් හුළඟට
දොහොකදි අපි කිරි කනවා

පේන පේන අහ ගොඩ මඩ හාවී
අසිරි පානෙ මුළු රටටම පාවී
ආව දාට මහ ගෙයි මහදේවී
නෝන වගේ කවි පද ගලපාවී

මේ වාගෙ තවත් කිරි කෝඩු ගැටව්
කර මාල හදන් මෙහෙ ඒඤ්ඤයි

රන් පෝරු තනන්
පාවාඩ එලන්
මනමාල කුරුල්ලකු ඒඤ්ඤයි

ආලය ලියලාලූ
වාර කලෙත් මාලූ
ලැබුණොත් නුඹ යාළූ
ගමකට දෙමි මාලූ

සන්තානම් ගියාදෝ
හුරතලි බහ ලැබේදෝ
සියුමැලි පියදරී අගේ
ගල්මල පිපුණා වගේ

මඩිය පිරුණු දා කහ බත් දේදෝ

සිරිපා වඳින්න සමනල අඩවියේ
පිහිටෙන් සුමන සමන් දෙවොලේ

දෙයියෝ සාදුවයි සබරගමුවෙම
නිල් වෛරෝඩි පාවඩ එළාලා
බෙර සක් හොරණෑ දවුල් මංගල හඬින්
ආවා නුඹේ මල්දම පතාලා

ආ තාලම් පහට වැහි වැහැලා (හේ බොල)
දූවිලි පුසුඹයි බැරි අම්බෝ

(හෝයි යෝ... හේහ්)

තොඹ තොඹ තොඹ ගොබ සීනතු
තොඹ තොඹ
තොඹ තොඹ තොඹ ගොබ සීනතු

ඌයල වැලෙන් බැඳි කොණ්ඩේ
ලෙහුණාම ලස්සණ බැරි අම්බෝ (හ්අම්බෝ)
රවුමේ නටමූ අපි දෙන්නා
මාමිනි මාමිනි මා දෙයියා
 
ගායනය - රන්වල බලකාය සමගින් ...
සහන් රන්වල, බන්දුල විජේවීර, ප්‍රදීප් මුතුකුඩආරච්චි, ජනනාත් වරකාගොඩ, දිළුම් නිරංජ, දිලානි වික්‍රමසිංහ සහ සමන් ලෙනින්

පද - ජයතිස්ස බොරළුගොඩ, ගීත් තරංග, ධම්මික හෙට්ටිආරච්චි, සිසිර දිසානායක සහ නුවන් කුමාර කටුගම්පල

නාද රටා - සහන් රන්වල, ප්‍රදීප් මුතුකුඩආරච්චි, ජනක හෙට්ටිආරච්චි, රචික ද සිල්වා සහ පසිඳු පහළමැදගම

අපේ අවුරුද්දට අපේ ගායනා ඇල්බමයට නිර්මාණය වූ ගීයකි.


Pinwantha Getaw - Ranwala Balakaya

පින්වන්ත ගැටව් වීඩියෝව - මෙම වීඩියෝවේ පූර්ණ අයිතිය රන්වල පදනම සතුයි.

No comments:

Post a Comment