සිංහල චිත්‍රපටි ගීත

Sunday, May 10, 2020

තාරකා මල් පිපී හිනැහෙන


තාරකා මල් පිපී හිනැහෙන
ප්‍රේමයේ මල් මාවතේ
පා නඟා යමු ඈත ලොවකට
නිවා ළතැවුල් ජීවිතේ ...//

හිරු සඳුට හා ලොවට රහසින්
සදාගමු අපෙ පුංචි ලෝකය ...//
දුකට කඳුළට පවුරු බඳිමින්
පෙමින් සරසමු එවන් ලෝකය

තාරකා මල් පිපී හිනැහෙන
ප්‍රේමයේ මල් මාවතේ
පා නඟා යමු ඈත ලොවකට
නිවා ළතැවුල් ජීවිතේ

ඔබේ දෙනයන කැළුම් ඇත මට
එළිය වන්නට මගේ ලෝකය ...//
ඔබේ සිහිලැල් සුවැති සෙවණින්
නිවී සැනහෙයි මගේ ජීවය

තාරකා මල් පිපී හිනැහෙන
ප්‍රේමයේ මල් මාවතේ
පා නඟා යමු ඈත ලොවකට
නිවා ළතැවුල් ජීවිතේ ...//

ගායනය - සුනිල් එදිරිසිංහ සමග මාලිනී බුලත්සිංහල
පද - කුලරත්න ආරියවංශ
තනුව - වික්ටර් රත්නායක

සුනිල් එදිරිසිංහයන්ගේ ප්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහන (1975) සඳහා ගැයුණු ගීයකි. එදා එම වැඩසටහනට සුනිල් එදිරිසිංහ මේ ගීය ගැයුවේ නිරංජලා සරෝජිනී සමගය.
1984 දී මෙම ගීය සින්ග්ලංකා සමාගමේ "පිනිබර යාමේ" කැසට් පටය ට ඇතුළත් විය.

No comments:

Post a Comment