සිංහල චිත්‍රපටි ගීත

Sunday, May 10, 2020

හන්තාන සෙවණේ

හන්තාන සෙවණේ
රතු මල් විමානේ
මොහොතක් රැඳී ඉන්න සුවසේ
අපි දෙන්න නෑ පිං කළේ ...//

සංකා රැඳීලා දිව රෑ දෙකේ හී
වැලපෙන්නේ හද දුක් දරා
සතුටින් හිනාවෙන් නේවාසිකාගාරෙ
මට ඉන්න බෑ නෙත් අයා

හන්තාන සෙවණේ
රතු මල් විමානේ
මොහොතක් රැඳී ඉන්න සුවසේ
අපි දෙන්න නෑ පිං කළේ

අඳුරේ කලාගාරෙ රැඟුමන් බලනු බෑ
තනියක් දැණේ ගත වටා
මගෙ සිත පුරාවේ සිතුවිලි රැඳී ප්රේම
නොදැනීම එයි ඔබ කරා

හන්තාන සෙවණේ
රතු මල් විමානේ
මොහොතක් රැඳී ඉන්න සුවසේ
අපි දෙන්න නෑ පිං කළේ ...//

ගායනය - ස්වර්ණලතා කවීශ්වර
පද - මැණිකේ වීරසිංහ
සංගීතය - ගුණදාස කපුගේ

No comments:

Post a Comment