සිංහල චිත්‍රපටි ගීත

Sunday, October 26, 2025

දෙව් ලොව දෙවියනේ

හහ් හහ් හහ්   හහ්හහහ් හහ් හහ්හා අනේ අනේ හහ් හහ් හහ්


දෙව් ලොව දෙවියනේ

මගෙ දෙව් ස්වාමිනේ

ගෑණුන් හට කිමද මේ වුණේ ... //


ගෑණුන් හට කිමද මේ වුණේ

රෙදී සරොම් වලට ආස නැති වුණේ

කලීසමටම පණ දෙන්ට හදන්නේ ...//


දෙව් ලොව දෙවියනේ

මගෙ දෙව් ස්වාමිනේ

ගෑණුන් හට කිමද මේ වුණේ


ඉණ්ඩ හිටින්නට ගේ දොර නැතත් කමක් නෑ

කණ්ඩ නැතිව බඩගින්නේ මලත් කමක් නෑ ...//


යකෙක් උනත් කලිසම ඇඳ ආවොත් මුන් ඉගිල්ලෙනවා ...//


දෙව් ලොව දෙවියනේ

මගෙ දෙව් ස්වාමිනේ

ගෑණුන් හට කිමද මේ වුණේ

දෙව් ලොව දෙවියනේ


අප්ප වෙලේ අව්ව කකා මඩේ එරෙනවා

කලිසම් ඇඳ පඹය වගේ පුතා වැනෙනවා

අම්මපා පුතා වැනෙනවා


දෙව් ලොව දෙවියනේ

මගෙ දෙව් ස්වාමිනේ

ගෑණුන් හට කිමද මේ වුණේ


ගායනය – එඩී ජයමාන්න

ගීත ප්‍රබන්ධය – පී.එල්.ජේ. නන්දනකීර්ති

සංගීත අධ්‍යක්ෂණය – සී.එන්. පාණ්ඩුරංගන් සහ බී.ඇස්. පෙරේරා


ගීයේ තනුව සම්බන්ධයෙන් කතෘත්වය නිශ්චය කර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂ්‍ය හමු නොවේ.

No comments:

Post a Comment