සිංහල චිත්‍රපටි ගීත

Saturday, November 15, 2025

දුකෙන් පිරුණ⁣ මේ ලෝකේ



හෝ ජීවිතේ ඒ ඒ....
සැපා... කෝ.. සත...ටා මේ... ලෝකේ

දුකෙන් පිරුණ⁣ මේ ලෝකේ

කිම ආලෙ පානා

මෙ ලෝකෙහී මායා

විනාසේ හි ඡායා


අහෝ ජීවිතේ කෝ 

සැපතා රැඳීලා

මේ ලෝකෙහී මායා

විනාසේ හි ඡායා


මහා සාගරේ ජලේ 

ලෙස සෙනෙහේ පාලා..

තම ජීවේ නොතකා ඒ දරුවෝ හදාලා

ගියේ පෙම් මවක් කාමේ...

සැපතා සොයාලා...


මෙ ලෝකෙහී මායා

විනාසේ හි ඡායා


සදාකාලයේ දුක වේ ඒ මාතා විඳිනා

කෙනෙක් කෝ අනේ ලෝකේ 

සරණා දෙවනා

ඒ පව් මාතා වැනසේ...

හඬාලා හඬාලා


මෙ ලෝකෙහී මායා

විනාසේ හි ඡායා


දුකෙන් පිරුණ⁣ මේ ලෝකේ

කිම ආලෙ පානා

මෙ ලෝකෙහී මායා

විනාසේ හි ඡායා


ගායනය - මොහිදීන් බෙග්

පද - හර්බට් එම්. සෙනෙවිරත්න

සංගීතය -එස්.එස්. වේදා


1952 වසරේ තිරගතවූ "උමතු විශ්වාසය" චිත්‍රපටියේ ගීයකි.




ඉහත ගීතයේ (මුල් ගීයේ) හඬ තත්වය යහපත් නැත.

එසේ හෙයින්, මොහිදීන් බෙග් මහතා පසු කාලයක ගැයූ ඉහත ගීයේ ගායනයක් ගෙන එනවා.

No comments:

Post a Comment