සිංහල චිත්‍රපටි ගීත

Thursday, November 13, 2025

මාගේ වාසනා

මාගේ වාසනා 

කාලේ ළං වුණා ...//

කාසි ගන්ට අනේ පව් නැද්ද මෝඩ කරලා //


ඇයි බන් නැන්සි මේවයි සල්ලි

දෙයියන්ගේ මල්ලී

මං ඒ කිවුවේ ආලේ හින්දයි

දෙන්ඩකො මට සල්ලී...//


කාසි වහිනවා මගෙ හොඳ කාලේ


කාසි වහිනවා මගෙ හොඳ කාලේ

මායම් හැට හතරයි ඒවා එකට යටයි //


අයියෝ මෙයාගෙ කර කරේ මගේ පණා


මාගේ වාසනා 

කාලේ ළං වුණා ...//

කාසි ගන්ට අනේ පව් නැද්ද මෝඩ කරලා


දැන් ගොළුබෙල්ලා එයි හැටට හැටේ

රුපියල් දාහක් නේ

පව් නැද්ද අනේ ඔහු මෝඩයි නේ

ආලෙන් අන්ධ වෙලා...//


ආලෙ වෑනෙනවා බඳිමු කසාදේ


ආලෙ වෑනෙනවා බඳිමු කසාදේ

මායම් හැට හතරයි ඒවා එකට යටයි //


අයියෝ මෙයාගෙ කර කරේ මගේ පණා


මාගේ වාසනා කාලේ ළං වුණා //


ගායනය - ලැටීෂියා පීරිස් සමග එඩී ජයමාන්න

පද - සී. වීරසේකර

සංගීතය - මොහොමඩ් ගවුස්


1951 දී තිරගතවූ "සැඟවුණු පිළිතුර" චිත්‍රපටියේ ගීයකි.


No comments:

Post a Comment