සිංහල චිත්‍රපටි ගීත

Thursday, November 13, 2025

අනාථ මාගෙ ජීවිතේ

අනාථ මාගෙ ජීවිතේ

නැසීල යාවි මෑණියේ ...//

සුළු මවුගෙ මායමේ වැටී 

දොස් කීවෙ මවුට ඇයි පියේ

ඇයි පියේ

අනාථ මාගෙ ජීවිතේ


පියාගෙ වේග වචනෙටා

මවුනි ඔබ සමා වේවා

ලෝකෙන් තුරන්වි ඔබ වෙතේ

කවදා එමී ද මෑණියේ

මෑණියේ..


අනාථ මාගෙ ජීවිතේ

නැසීල යාවි මෑණියේ

අනාථ 


ගායනය - රුක්මණී දේවි

පද - සී. වීරසේකර

සංගීතය - මොහොමඩ් ගවුස්


1951 දී තිරගතවූ "සැඟවුණු පිළිතුර" චිත්‍රපටියේ ගීයකි.


No comments:

Post a Comment