සිංහල චිත්‍රපටි ගීත

Monday, November 3, 2025

මගේ රූපෙ බලාලා

මගේ රූපෙ බලාලා
රමණි වෙන්කො ආදරේ
අපී බඳිමු කසාදේ ...//

කැමති වුනත් මං 

මගේ පියා කැමති නෑ ...//


මගෙ රූපෙ බලාලා

රමණි වෙන්කො ආදරේ

අපී බඳිමු කසාදේ


ඔය රූපෙට කැමති ම නෑ //

මගෙ රූපේ ලක්ෂණ දැන්

පෙනේ නුඹට මගෙ නහයෙන්


අනේ තරහ වෙන්ට එපා වයස නැහැ මට

අනෙ වයස නෑ මට

සුබ කාරෙ බැඳුමටා

අනෙ වයස නෑ මට

සුබ කාරෙ බැඳුමටා


අනේ මමත් පුංචි එකා

කරට කර හරී

හරි හරි කරට කර හරී

හරි හරි කරට කර හරී

හරි හරි කරට කර හරී


මගෙ රූපෙ බලාලා

රමණි වෙන්කො ආදරේ

අපී බඳිමු කසාදේ


ගිරවයි ගිරවි අනේ

පියඹා යමුකො පණේ ...//


ලෝකෙ වටේ මේන් මෙහෙම කැරකෙන ආලේ

අපී බඳිමු කසාදේ ...//


මගේ රූපෙ බලාලා

රමණි වෙන්කො ආදරේ

අපී බඳිමු කසාදේ


මෙහෙම කියල බෑ ළඟඳිම බඳින්ට ඕනෑ

ඔව් ඔව් 

මෙහෙම කියල බෑ ළඟඳිම බඳින්ට ඕනෑ


මගේ රූපෙ බලාලා

රමණි වෙන්කො ආදරේ

අපී බඳිමු කසාදේ ...//


ගායනය - සූරියරාණි සමග බර්ට්‍රම් ප්‍රනාන්දු

පද - මර්සිලීනු ඇල්බට්

සංගීතය - බී.එස්. පෙරේරා


1950 දී තිරගතවූ "හදිසි විනිශ්චය" චිත්‍රපටියේ ගීයකි.


No comments:

Post a Comment