සිංහල චිත්‍රපටි ගීත

Monday, November 3, 2025

මන පිනවායා

හෝ ඔඔ ඕ...ඕ...

මන පිනවායා

සේ සඳ පායා....//


මන පිනවායා


සේ සඳ පායා


මන පිනවායා

සේ සඳ පායා


සිත් නේකා නේකා ප්‍රීති උදාරා

සැලෙනා හර්දේ ප්‍රේමෙනි ධාරා


ආ.....

සැලෙනා හර්දේ ප්‍රේමෙනි ධාරා

මන පිනවායා

සේ සඳ පායා


මගෙ ආනන්ද කිවිවරයා මේ


පූජිත වේ මේ රම්‍ය වූ නාමේ


රාජකීය ඒ

කිවිවරයා මේ කිවිවරයා මේ

කිවිවරයා මේ

ඒ.. රාජකීය කිවිවරයා මේ


මගෙ ආනන්ද කිවිවරයා මේ

පූජිත වේ මේ රම්‍ය වූ නාමේ


මන පිනවායා

සේ සඳ පායා


ශිල්ප සතර ලොව සැමතැන ජයගන්නේ

භූපති අගමැති සබයට මැණිකකි ඒ ....//


මේ මාර්ගේ නව ජීවන ආශ්‍රේ

සැම දින බැබලේ මේ ආශ්‍රේ


මේ මාර්ගේ නව ජීවන ආශ්‍රේ

සැම දින බැබලේ මේ ආශ්‍රේ


ශ්‍රී ධර යෞවන සුගුණේ පෑවා

මේ කිවිඳාණෝ නිති සැරදේවා


ශ්‍රී ධර යෞවන සුගුණේ පෑවා

මේ කිවිඳාණෝ නිති සැරදේවා


හ අඅ අ ආ....


මන පිනවායා

සේ සඳ පායා


ගායනය - රුක්මණී දේවි

පද - මර්සිලීනු ඇල්බට්

සංගීතය - බී.එස්. පෙරේරා


1950 දී තිරගතවූ "හදිසි විනිශ්චය" චිත්‍රපටියේ ගීයකි.


No comments:

Post a Comment