සිංහල චිත්‍රපටි ගීත

Monday, November 3, 2025

අසහාය වේ ආලේ

අසහාය වේ ආලේ

අසහාය වේ ආලේ

ආරූඪ වී මේ හදෙහා තුළේ

ගෙන යාවි සතන් පාතාලේ


මේ ඝෝර සෝකා කඳුළු විලේ

ආ...ආආ...


මේ ලොව නිසරු භාවේ

නෙතට පෙනෙන සේ වේ


ශෝකේනි හෘදය දෙදරණ වාරේ

අදහාස ගෙය වැසෙනා දුමාරේ


ස්ථීර සාර ආලෙයි රැඳීල තිබෙන්නේ 

ධනය විලස  ඒ වාරේ


ස්ථීර සාර ආලෙයි රැඳීල තිබෙන්නේ 

ධනය විලස  ඒ වාරේ

අසහාය වේ ආලේ


අනර්ඝ මේ ධනේ

වැනසි ගියා අනගි ඒ නිධානේ

ම ප්‍රේම තරුණි අතහැර ආශ්‍රේ

බැඳීල තිබූඩ ආශ්‍රේ

විනාශ වී ආශ්‍රේ


දැවේ තැවේ මහද මැදුර මේ

හද සෝකා හද සෝකා මේ

කෙදින නිවිල යයි ද අනේ මේ

නුවණට හුරු නෑ මේ

නුවණට හුරු නෑ මේ

අසහාය වේ ආලේ


ගායනය - රුක්මණී දේවි

පද - මර්සිලීනු ඇල්බට්

සංගීතය - බී.එස්. පෙරේරා


1950 දී තිරගතවූ "හදිසි විනිශ්චය" චිත්‍රපටියේ ගීයකි.


මේ ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ 1948 දී Jaganmoy Mitra ගායනා කළ "Tumi Aaj Kato Dure" යන බෙන්ගාලි ගීයෙනි.



"Tumi Aaj Kato Dure" බෙන්ගාලි ගීය

Song - Chithi (Tumi Aaj Kato Durey)

Singer -  Jaganmoy Mitra

Music Director - Subal Dasgupta

Lyricist -  Pronab Roy

Album - Jaganmoy Mitra Tumi Ki Ekhono

No comments:

Post a Comment