ආලෝකේ සන්ධ්‍යාවේ ශ්‍රීය දේ
ආකාසේ වෛවර්ණෙන් දීප්ති දේ
ප්‍රේමෙ හදේ නැගෙනා මෝරා
හෝ.. ප්‍රේමෙ මගේ නැගෙනා මෝරා
නීල කොබෝ රෑන ගිරව් යාවී පියඹා
වන බඹරෝ බිඟු නද දී පුෂ්පා සොයාවී
පුෂ්ප පිපී සිනාසිසී ශ්‍රීය දේ
ප්‍රේමෙ හදේ නැගෙනා මෝරා
දර්ශන වේ ප්‍රේම රජා මා හමුවේ
ප්‍රේම බසින් මා නළවන්නා සේ හැඟේ
නෑ සැපතා පෙම් නැති දා මේ ලොවේ
ප්‍රේමෙ හදේ නැගෙනා මෝරා
ආලෝකේ සන්ධ්‍යාවේ ශ්‍රීය දේ
ආකාසේ වෛවර්ණෙන් දීප්ති දේ
ප්‍රේමෙ හදේ නැගෙනා මෝරා
හෝ.. ප්‍රේමෙ මගේ නැගෙනා මෝරා
ගායනය - ස්වර්ණා අබේරත්න
පද - සිරිල් පී. අබේරත්න
සංගීතය - ටී.ආර්. පාපා
1955 දී තිරගතවූ "සුරඟනී" චිත්‍රපටියේ ගීයකි.
"ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ ද මේ ගීය පහත අයුරින් ස්ථාපිතයි.
No comments:
Post a Comment