සිංහල චිත්‍රපටි ගීත

Saturday, January 24, 2026

සම්පතකී සොඳ දූ පුතුන්

සම්පතකී සොඳ දූ පුතුන්

දූලට ලැබෙති බෑණාවරුන්

පුතුට ලේලි හිර අරන්

මව්පියො දෙන්නට මංගලම්


සරණ බැඳුණ තරුණ මහලු

සැම දෙනාටම මංගලම් ....//


බෑණා කසාදෙට එන විට

රජ්ජුරුවෝ වගෙ නැන්දට

දෙවියන්ට මෙන් බොහො ගරු කොට

බෑණා පුදයි නැන්ද මාමට


සරණ බැඳුණ තරුණ මහලු

සැම දෙනාටම මංගලම් ....//


පුතුට ලේලි සැප වඩයි

දුවව බෑණා රැක බලයි

රාළහාමි හාමිනේ

නාකි වූ මුත් එක පණ වගේ


සරණ බැඳුණ තරුණ මහලු

සැම දෙනාටම මංගලම් ....//


ගායනය - සමූහ

පද - ඒ.ජේ. ද සොයිසා

තනුව - තොරතුරු තහවුරු කර ගත නොහේ.

සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන


මතභේදය චිත්‍රපටියේ ගීයකි.


"මතභේදය" චිත්‍රපටියට නිර්මානය කළ "සම්පතකී සොඳ දූ පුතුන්" යන ගීතය සදහා තවුව ලබාගෙන ඇත්තේ, 1939 දී පීටර් සිරිවර්ධන සහ යූ.ඩී. පෙරේරා විසින් ගායනා කර ඇති "ලක්ෂණ කොළඹ රේස් පොළේ" යන ගීයෙනි.




අනුකැණය කළ ගීය
"ලක්ෂණ කොළඹ රේස් පොළේ"

No comments:

Post a Comment