හඳ රාහු මුඛයේහි ගිලුණා ලෙසේ
අඳුරූ විය ජීවිතේ මාගෙ සෝකේ වෙලී
අඳුරූ විය ජීවිතේ මාගෙ සෝකේ වෙලී
හඳ රාහු මුඛයේහි ගිලුණා ලෙසේ
වැටුණා මුලාවේ හි නැණ හීන වෙමිනා
ගැලවීම නෑ කිසි කාලේ ඉතිනා
සැමදාම මේ සෝක ගිනිජාලෙ දැවිලා
සැමදාම මේ සෝක ගිනිජාලෙ දැවිලා
ඉන්ටා උනා මාගෙ කරුමේ හි බල පා
හඳ රාහු මුඛයේහි ගිලුණා ලෙසේ
හිමි ස්වාමි නෑ ප්‍රේම අනුකම්පා හර්දේ
හිමි ස්වාමි නෑ ප්‍රේම අනුකම්පා හර්දේ
පළිගන්ට සැරසේවි දේවාති සුරිඳේ
සිරකාරි වීලා මෙ නිසි කාලෙ මාගේ
සැප ලෝකෙ හී සුන් වී අකාලේ
ඉතිරින්ට කිසිදා නොවේවා මෙ සෝකේ
ඉතිරින්ට කිසිදා නොවේවා මෙ සෝකේ
සුරනේ අනේ මාව තනි වීය ලෝකේ
හඳ රාහු මුඛයේහි ගිලුණා ලෙසේ
අඳුරූ විය ජීවිතේ මාගේ සෝකේ වෙලී
හඳ රාහු මුඛයේහි ගිලුණා ලෙසේ
ගායනය - කේ. රාණි
පද රචනය - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි
1955 දී තිරගතවූ මාතලන් චිත්‍රපටියේ ගීයකි.
ගීයේ සිනමා රුප රාමු
No comments:
Post a Comment