සිංහල චිත්‍රපටි ගීත

Tuesday, October 28, 2025

කඩවුණු පොරොන්දුව චිත්‍රපටියේ ගීත



ශ්‍රී ලංකාවේ මුල් ම කථානාද (ඇසි දිසි) සිංහල චිත‍්‍රපටය හැටියට හඳුන්වනු ලබන්නේ "කඩවුණු පොරොන්දුව" යි. මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් කළේ 1947 ජනවාරි 21 වැනි දින දීය.


එහි ඇතුලත් වූ ගීත සංඛ්‍යාව 12 කි. මින් 10 ක් පමණක් තැටිගත කර ඇත. එම මුල් ගී ‍අද අපට අසන්නට ලැබෙන්නේ ඉතා දුර්වල හඬ තත්වයන් ගෙනි.

1983 ජූලි ඇතිවූ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා (කළු ජූලි සමය) නිසා, මෙම චිත්‍රපටියේ පිටපත් ගබඩා කර තිබූ හැඳල විජය චිත්‍රාගාරය (කේ. ගුණරත්නම් සතු) ගිණි තබා විනාශ කළ බව සඳහන් වෙනවා.

"කඩවුණු පොරොන්දුව" චිත‍්‍රපටයේ සියළුම ගී වල තනු භාරතයේ ගැයුණු ගී වලින් උපුටා ගත් ඒවාය. දැනට තොරතුරු තහවුරු කරගෙන ඇති, තනුව අයත් මුල් ගී වෙතොත්, ඒවා පමණක්, ඒ ඒ ගීය යටතේ ඉදිරිපත් කිරීම සිදු වනවා ඇත.

ඇතුළත්වූ ගීත

1. ශ්‍රි ජය විජය සිරින් පිරි

ගායනය - මිනර්වා ගායක කණ්ඩායම
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන් සහ බී.එස්. පෙරේරා

සටහන
මෙම ගීය සිංහල සිනමා වංශ කතාවේ, ප්‍රථම කතානාද චිත්‍රපටියේ, ප්‍රථම ගීය ලෙස වාර්තා ගත වේ. ගීය මිනර්වා ගායක කණ්ඩායම ගායනා කළ ද, එහි ඉස්මතුව ඇසෙන හඬ රුක්මණී දේවිගේය. එහෙයින් ඇය සිංහල චිත්‍රපටියකට ගී ගැයූ ප්‍රථම කාන්තාව ද වන්නීය.


"ගී අරණ ගී මී" යූ ටියුබ් නාලිකාවෙන්.....



පසු කාලයක ආචාර්ය නන්දා මාලිනී විසින් තම ශිෂ්‍ය කැල සමග මේ ගී ගයන්නට යෙදුණා. මේ එම ගීයයි. 


2. ප්‍රේම දයා ගීය

ගායනය - රුක්මනී දේවි  (රංජනී) 
ගී පද - කේ. හියුගෝ ප්‍රනාන්දු  
සංගීතය - ආර්. නාරායන් අයියර්


"ගී අරණ ගී මී" යූ ටියුබ් නාලිකාවෙන්.....



3. ළපටි රූපෙ ඈගේ ගීය

ගායනය - එඩී ජයමාන්න
ගී පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - ආර්. නාරායන් අයියර්


"ගී අරණ ගී මී" යූ ටියුබ් නාලිකාවෙන්.....



ගීයේ සිනමා රූප රාමු



4. සන්ධ්‍යාවෙ ශ්‍රීය

චිත්‍රපටිය සඳහා ගීතය ගායනා කළේ රුක්මණී දේවි සමග කේ. හියුගෝ ප්‍රනාන්දු
තැටි සඳහා ගායනා කළේ රුක්මනී දේවි සමග ස්ටැන්ලි මල්ලවාරච්චි
ගී පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - ආර්. නාරායන් අයියර්

1944 දී තිරගත වූ "Rattan" හින්දි චිත්‍රපටියේ "Pardeshi Balma Badal Aaya" ගීයේ තනුව මීට යොදා ගෙන ඇත.


"ගී අරණ ගී මී" යූ ටියුබ් නාලිකාවෙන්.....



"Rattan" හින්දි චිත්‍රපටියේ "Pardeshi Balma Badal Aaya" ගීය

Singer - Zohrabai Ambalewali
Lyricist - D.N. Madhok
Composer - Naushad Ali
Movie - Rattan (1944)



5. 
ඉස් ඉස්සරවෙලා ගීය

ගායනය - එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා
ගී පද - කේ. හියුගෝ ප්‍රනාන්දු

"ගී අරණ ගී මී" යූ ටියුබ් නාලිකාවෙන්.....



6. පාපේ ශාපේ දෝ ගීය

චිත්‍රපටිය සඳහා ගීතය ගායනා කළේ රුක්මණී දේවි සමග කේ. හියුගෝ ප්‍රනාන්දු
තැටි සඳහා ගායනා කළේ රුක්මනී දේවි සමග ස්ටැන්ලි මල්ලවාරච්චි
ගී පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - ආර්. නාරායන් අයියර්

1938 දී තිරගත වූ "Street Singer" හින්දි චිත්‍රපටියේ "Preetam Se Preet" ගීයේ තනුව මීට යොදා ගෙන ඇත.


"ගී අරණ ගී මී" යූ ටියුබ් නාලිකාවෙන්.....



"Street Singer" හින්දි චිත්‍රපටියේ "Preetam Se Preet" ගීය

Singer - Kanan Devi
Lyricist - Arzoo Lakhnavi
Composer - Rai Chand Boral
Movie - Street Singer 1938



7. 
මගේ සක බඹරේ ගීය

ගායනය - එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා
ගී පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - ආර්. නාරායන් අයියර්


"ගී අරණ ගී මී" යූ ටියුබ් නාලිකාවෙන්.....



8. තක්කිට තරිකිට උඩ පැන නටන්න හිතුණා ගීය

ගායනය - එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා
ගී පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - ආර්. නාරායන් අයියර්


"ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවෙන්.....




9. සුන්දර රූපා රංජනී

මෙම ගීය සහ "දේව ස්වාමි" යන ගීය  ශ්‍රවනය සඳහා ඉදිරිපත් කිරීමට නොහැකි වීම ගැන කණගාටුයි.
එම ගී දෙක තැටිගත වූයේ නැත.

චිත්‍රපටිය සඳහා ගීතය ගායනා කළේ කේ. හියුගෝ ප්‍රනාන්දු

ගී පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - ආර්. නාරායන් අයියර්


ගායනය - රුක්මනී දේවි
ගී පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - ආර්. නාරායන් අයියර්


"ගී අරණ ගී මී" යූ ටියුබ් නාලිකාවෙන්.....




ගායනය - රුක්මනී දේවි
ගී පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - ආර්. නාරායන් අයියර්


චිත්‍රපටියේ ගීත සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් සිංහල චිත්‍රපටි වල ගී මෙයාකාරයෙන් ඉදිරිපත් කිරීම සිදුවනු ඇත.

එක් එක් ගීයේ "නාමය මත" කෙටීමෙන්, අදාල ගීයේ පලකිරීමට යොමුවිය හැක.

චිත්‍රපටිය ගැන වැඩිමනත් වූ තොරතුරු සම්පිණ්ඩනයක් ගෙන එන්නට අදහස් කළ මුත්, චිත්‍රපටි  විචාරක, 'සරසවිය' හිටපු කතෘ අරුණ ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති චිත්‍රපටි ගැන වූ වීඩියෝ පෙළින් එකී කාරණය මනාව පූරණය වන නිසා, මේ පලකිරීම සමග අදාල  එතුමාගේ වීඩියෝව ගෙන ඒම මැනවැයි තීරණය කළෙමි.

No comments:

Post a Comment