සිංහල චිත්‍රපටි ගීත

Sunday, October 26, 2025

වැරදුණු කුරුමාණම චිත්‍රපටියේ ගීත



සිංහල සිනමා වංශකතාවේ පස්වැනි ඇසි-දිසි චිත්‍රපටිය "වැරදුණු කුරුමාණම" යි.

📽️නිකුත් කළ දිනය - 1948 දෙසැම්බර් 03
🎥නිෂ්පාදනය - සිලෝන් තියටර්ස් සමාගම
🎬අධ්‍යක්ෂණය - ජ්‍යෝතිශ් සිං
📠කථා පිටපත - බී.ඒ.ඩබ්. ජයමාන්න
🎼සංගීත අධ්‍යක්ෂණය - සී.එන්. පාණ්ඩුරංගන් සහ බී.එස්. පෙරේරා
📒ගීත ප්‍රබන්ධය - පී.එල්.ජේ. නන්දනකීර්ති (ජීවන්ලාල් නන්දනකීර්ති)

🎙️ගීත පටිගතකරණය - නැප්චූන් චිත්‍රාගාරය (මදුරාසිය)
🎶ගීත ප්‍රමාණය - 12
📀ග්‍රැමෆෝන් තැටි - හිස් මාස්ටර්ස් වොයිස් (තැටි අංක WN 501 - WN 506)


ගායනය - මිනර්වා ගායක වෘන්දය

පද - පී.එල්.ජේ. නන්දනකීර්ති

සංගීත අධ්‍යක්ෂණය  - සී.එන්.  පාණ්ඩුරංගන්  සහ බී. එස්.  පෙරේරා


1948 දී භාරතයේ තිරගතවූ "Khidki" චිත්‍රපටියට ගීතා දත්, චිට්ල්කාර් රාමචන්ද්‍ර සහ ලතා මංගෙස්කාර් ඇතළු පිරිස ගැයූ "Tera Bina Suna Suna" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


චිත්‍රපටිය නිෂ්පාදනයේ දී තැටිගත කළ ගීය



ඉතා පසු කලෙක "වැරදුණු කුරුමාණම" චිත්‍රපටියේ ඇතුළත් වූ මේ ගීය, ආචාර්ය නන්දා මාලිනී මහත්මිය අයිවෝ ඩෙනිස් මහතා⁣ හා ගායන වෘන්දයක් සමගින් මෙසේ ගායනා කළා.

තනුව උපුටා ගත් "Tera Bina Suna Suna" යන ගීය

Song - Tere Bina Soona Soona
Singers - Geeta Dutt, Lata Mangeshkar & C. Ramchandra
Lyricist - Pyarelal Santoshi
Composer - C. Ramchandra
Movie - Khidki (1948)


 2. දෙව් ලොව දෙවියනේ

ගායනය – එඩී ජයමාන්න

ගීත ප්‍රබන්ධය – පී.එල්.ජේ. නන්දනකීර්ති

සංගීත අධ්‍යක්ෂණය – සී.එන්. පාණ්ඩුරංගන් සහ බී.ඇස්. පෙරේරා


ගීයේ තනුව සම්බන්ධයෙන් කතෘත්වය නිශ්චය කර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂ්‍ය හමු නොවේ.



ඉහත ගීයේ අනුකරණ ගීයක් (Cover song) ගයා තිබෙනවා, ඩෙස්මන්ඩ් ද සිල්වා විසින් ඔහුගේ "පොල්කටුමාලේ" ගී ඇල්බමයට.
මෙන්න ඒ ගීය.





ගායනය – ජෙමිණි කාන්තා

ගීත ප්‍රබන්ධය – පී.එල්.ජේ. නන්දනකීර්ති

සංගීත අධ්‍යක්ෂණය – සී.එන්. පාණ්ඩුරංගන් සහ බී.ඇස්. පෙරේරා


ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ, 1944 දී භාරතයේ නිෂ්පාදිත "Pehle Aap" හින්දි චිත්‍රපටියට Zohrabai Ambalewali ගායනා කළ Chale gaye chale gaye යන ගීයෙනි.


ඉහත ගීය පසු කලෙක නිරෝෂා විරාජිනී විසින් ගයා තිබෙනවා මෙලෙස...



හින්දි ගීය Chale gaye chale gaye

Song - Chale gaye chale gaye
Singer - Zohrabai Ambalewali
Lyricist - Deena Nath Madhok
Composer - Naushad Ali
Movie - Pehle Aap (1944)



ගායනය – රුක්මණී දේවි
ගීත ප්‍රබන්ධය – පී.එල්.ජේ. නන්දනකීර්ති
තනුව - නෞෂාද් අලී
සංගීත අධ්‍යක්ෂණය – සී.එන්. පාණ්ඩුරංගන් සහ බී. ඇස්. පෙරේරා

1947 වසරේ භාරතයේ තිරගතවූ "Naatak" හින්දි චිත්‍රපටියට Uma Devi Khatri ගායනා කළ "Dilwale dilwale" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් "Dilwale dilwale" යන ගීය

Song - Dilwale dilwale
Singer - Uma Devi Khatri
Lyricist - Shakeel Badayuni
Composer - Naushad Ali
Movie - Natak (1944)



ගායනය - ලලිතා කුමාරි සමග ක්‍රිස්ටි ද මෙල්
ගීත ප්‍රබන්ධය – පී.එල්.ජේ. නන්දනකීර්ති
තනුව - නෞෂාද් අලී
සංගීත අධ්‍යක්ෂණය – සී.එන්. පාණ්ඩුරංගන් සහ බී. ඇස්. පෙරේරා

මේ ගීයට තනුව උපුටා ගත්තේ කමල් දාස් ගුප්ත සහ ජුතිකා රෝයි ගැයූ "Meri Prem Ki Naiya" යන ගීයෙනි.



තනුව උපුටා ගත් Meri Prem Ki Naiya" යන ගීය
සටහන -
ජුතිකා හා කමල් දාස්ගුප්ත ගායනා කළ ඉහත ගීය මේ අඩවියේ කලින් තිබුණි.
දැන් එය අවුරා තිබේ.
මෙන්න තැටි විස්තරය

"Meri Prem Ki Naiyya" - Juthika Roy & Kamal Dasgupta (HMV N. 16506, 1940)

දැනට මේ ශ්‍රව්‍ය (Audio) ගීයෙන් සැනහෙන්න.






ගායනය - ජෙමිනි කාන්තා සමග එඩී ජයමාන්න
පද - පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන් සහ බී.එස්. පෙරේරා

ගී තනුව අනුකාරක ද, ස්වතන්ත්‍ර ද යන්න අවිනිශ්චිතයි.



ගායනය – රුක්මණී දේවි සමග ක්‍රිස්ටි ද මෙල්
පද - පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන් සහ බී.එස්. පෙරේරා

1947 දී භාරතයේ තිරගතවූ "Dard" චිත්‍රපටියට, උමා දේවි ගායනා කළ "Aaj Machi Hai Dhoom" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් "Aaj Machi Hai Dhoom" යන ගීය

Song - Aaj machi hai dhoom
Singer - Uma Devi Khatri
Lyricist - Shakeel Badayuni
Composer - Naushad Ali
Movie - Dard (1947)




ගායනය – රුක්මණී දේවි
ගීත ප්‍රබන්ධය – පී. එල්. ජේ. නන්දනකීර්ති
තනුව - බෙන්ගාලි ජන ගීයකිනි.
සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන් සහ බී.එස්. පෙරේරා

1943 දී බෙන්ගාලි ජන ගී ඇසුරෙන් ජර්නා ඩේ ගායනා කළ, "අමී පාහාරී ජාරණා" යන ගීයේ අනුකරණයකි.

ජර්නා ඩේ ගායනා කළ ගීය මෙහි සම්පූර්ණයෙන් ඉදිරිපත් කළ නොහැක.
අන්තර්ජාලයේ මේ ගීය මිලදී ගෙන ශ්‍රවණය කළ හැක. 
දැනට මෙම ගීයේ අයිතියට හිමිකම් ඇති අය වාරණයට ලක් කරන නිසා මෙහි ඉදිරිපත් කරන්නේ ගීයේ කොටසක් පමණි.


9. ව්‍යාධියෙකි මේ ලෝකේ

ගායනය –  ලලිතා කුමාරි

ගීත ප්‍රබන්ධය – පී.එල්.ජේ. නන්දනකීර්ති

සංගීත අධ්‍යක්ෂණය – සී.එන්. පාණ්ඩුරංගන් සහ බී.ඇස්. පෙරේරා


ගී තනුව අනුකාරක ද, ස්වතන්ත්‍ර ද යන්න අවිනිශ්චිතයි.




ගායනය – රුක්මණී දේවි
ගීත ප්‍රබන්ධය – පී. එල්. ජේ. නන්දනකීර්ති
තනුව - ෆ්‍රාන්ස් ෂූබර්ට්
සංගීත අධ්‍යක්ෂණය – සී.එන්. පාණ්ඩුරංගන් සහ බී.ඇස්. පෙරේරා

1825 දී ෆ්‍රාන්ස් ෂූබර්ට් විසින් නිර්මානය කර ගායනා කරන්නට යෙදුණු Ellens dritter Gesang" ("Ellens Gesang III") යන  ගීයේ තනුවට, "වැරදුණු කුරුමාණම" චිත්‍රපටිය සඳහා 1948 දී රුක්මණී දේවි විසින් ගායනා කරන ලදී.



1825 දී ෆ්‍රාන්ස් ෂූබර්ට් විසින් නිර්මානය කර ගායනා කරන්නට යෙදුණු ගීය


Song Title - Ave Maria

Artist - Franz Schubert

Music - Franz Schubert

Recorded in 1825



11. මෝරනවා ප්‍රේමේ හදේ


ගායනය – රුක්මණී දේවි
ගීත ප්‍රබන්ධය – පී. එල්. ජේ. නන්දනකීර්ති
තනුව - ෆ්‍රාන්ස් ෂූබර්ට්
සංගීත අධ්‍යක්ෂණය – සී.එන්. පාණ්ඩුරංගන් සහ බී.ඇස්. පෙරේරා

ගී තනුව අනුකාරක ද, ස්වතන්ත්‍ර ද යන්න අවිනිශ්චිතයි.



ගායනය - ජෙමිණි කාන්තා සමග එඩී ජයමාන්න
පද - පී.එල්.ජේ. නන්දනකීර්ති
තනුව - සී. රාමචන්ද්‍ර
සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන් සහ බී.එස්. පෙරේරා

මෙම ගීයේ තනුව 1947 දී නිපැයුණු "Shehnai " හින්දි චිත්‍රපටියට චිටාල්කාර් සහ මීනා කපූර් ගායනා කල "Aana Meria Jaan Sunday Ke Sunday" ගීයෙන් උපුටා ගැනීමකි.


තනුව උපුටා ගත් "Aana Meria Jaan Sunday Ke Sunday" ගීය

Singers - Meena Kapoor, Ramchandra Narhar Chitalkar (C. Ramchandra)
Lyricist - Pyarelal Shrivasta (P. L. Santoshi)
Music Composer - Ramchandra Narhar Chitalkar (C. Ramchandra)
Movie - Shehnai (1947)

No comments:

Post a Comment