පායන සඳ වට කර තරුව වගේ මූණෙ පෙනේ දිලිසෙන ආලේ
ආදර බඹර කෝකිල ගමන නිසා හිත වැටුණා ඔබෙ හොඳ කාලේ
තාලෙට අඩිය තියමු පම් පම් ගා ෂෝක් එකේ බැඳල කසාදේ
ඒ දැක ගැහැණු පිරිමි අපේ දිහා රවල බලයි මගෙ සුදු මැණිකේ
ආදර බඹර කෝකිල ගමන නිසා හිත වැටුණා ඔබෙ හොඳ කාලේ
තාලෙට අඩිය තියමු පම් පම් ගා ෂෝක් එකේ බැඳල කසාදේ
ඒ දැක ගැහැණු පිරිමි අපේ දිහා රවල බලයි මගෙ සුදු මැණිකේ
මගෙ හොඳ කාලේ
සිකුරා නළලේ
අද මගෙ බඹරේ
කැරකේ වැල්ලේ
සිකුරා නළලේ
අද මගෙ බඹරේ
කැරකේ වැල්ලේ
ඉස්තිර ආලේ
තව මෝරන්නේ
කපුකම මාගේ
සුන් වී යන්නේ
තව මෝරන්නේ
කපුකම මාගේ
සුන් වී යන්නේ
අපෙ හොඳ කාලේ
සිකුරා නළලේ
අද අපෙ බඹරේ
කැරකේ වැල්ලේ
සිකුරා නළලේ
අද අපෙ බඹරේ
කැරකේ වැල්ලේ
සෝබන ළපටි කෙහෙල් දල්ල වගේ ගෙයි මුල්ලේ ගැහැණු හැදෙන්නේ
ඒ දුටු කපටි පිරිමි අප රවටා මහපාරේ සිඟා යවන්නේ
මේ බව නොදැන ලොවේ අපරාදේ ගෑණිටමයි වැරදි කියන්නේ
මා පැණි වරක මදුල ටිකිරි සුදා ඔබ නැහැනේ එහෙම කරන්නේ
ඒ දුටු කපටි පිරිමි අප රවටා මහපාරේ සිඟා යවන්නේ
මේ බව නොදැන ලොවේ අපරාදේ ගෑණිටමයි වැරදි කියන්නේ
මා පැණි වරක මදුල ටිකිරි සුදා ඔබ නැහැනේ එහෙම කරන්නේ
නැහැ පණ මාගේ
ඇස් දෙක වාගේ
ගෙන යමු දීගේ
රන් රස වාගේ
පොල්කටු මාලේ
වැටුණා බෙල්ලේ
ඔබ මගෙ අල්ලේ
ගෝරිය ඉල්ලේ ......//
ඇස් දෙක වාගේ
ගෙන යමු දීගේ
රන් රස වාගේ
පොල්කටු මාලේ
වැටුණා බෙල්ලේ
ඔබ මගෙ අල්ලේ
ගෝරිය ඉල්ලේ ......//
ගායනය - ජෙමිනි කාන්තා සමග එඩී ජයමාන්න
පද - පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන් සහ බී.එස්. පෙරේරා
ගී තනුව අනුකාරක ද, ස්වතන්ත්‍ර ද යන්න අවිනිශ්චිතයි.
පද - පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන් සහ බී.එස්. පෙරේරා
ගී තනුව අනුකාරක ද, ස්වතන්ත්‍ර ද යන්න අවිනිශ්චිතයි.
1948 දී තිරගතවූ "පෙරළෙණ ඉරණම" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment