"චිත්‍රපටි ගීත" යටතේ අද ගෙන එන්නේ සිංහල සිනමා වංශකථාවේ 53 වැනි ඇසිදිසි චිත්‍රපටිය වන "දස්කම" සිනමා කෘතියේ ගීතයි.
ලංකාවේ පළමු ඇසිදිසි චිත්‍රපටිය වූ "කඩවුණු පොරොන්දුව" අධ්‍යක්ෂණය කළේ වංග ජාතිකයෙකු වූ ජ්‍යෝතිශ් සිං.
බී.ඒ.ඩබ්. ජයමාන්නගේ මිනර්වා නාට්‍ය කතා චිත්‍රපටි ලෙස නිෂ්පාදනය වෙද්දි එම චිත්‍රපටි අධ්‍යක්ෂණය දිගින් දිගටම සිදු කළේ මොහු විසින්.
ඒ අනුව "කපටි ආරක්ෂකයා (1948), වැරදුණු කුරුමානම (1948), පෙරළෙන ඉරණම (1949), යන චිත්‍රපටි වල අධ්‍යක්ෂක වූයේත් ජ්‍යෝතිශ් සිං.
ඉන් පසුව 1950 සිට බී.ඒ.ඩබ්. ජයමාන්න ම ඒ වැඩෙත් කළා "හදිසි විනිශ්චය" (1950) චිත්‍රපටියේ සිට.
1958 මෙරට තිරගතවූ "දස්කම" තමයි ජ්‍යෝතිශ් සිං අධ්‍යක්ෂණය කරන්නට යෙදුණු ඊ ළඟ චිත්‍රපටිය වූයේ.
පෙර ඔක්කොම කළේ ඉන්දියාවේ සිට.
මෙවර ඔහු ලංකාවට ඇවිත් "දස්කම" අධ්‍යක්ෂණය කළා.
මේ චිත්‍රපටිය මෙරට නිර්මාණය වීම සමග විශේෂ සිද්ධීන් කිහිපයක්ම සිදුවුණා.
"සිලෝන් ස්ටුඩියෝස්" ලංකාවේ බිහිවූ දෙවන චිත්‍රාගාරයේ පළමු නිෂ්පාදනය වුණේ "දස්කම"
එඩ්වින් සමරදිවාකර සංගීත අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටියත් මෙයයි. 1959 වන විට සංගීත ක්ෂේත්‍රයේ ඉහළම තැනකට එන්න පුළුවන් වුණා සමරදිවාකරට.
තවත් චිත්‍රපටි තුනකට ගිවිසුම් ගතව සිටියත් එඩ්වින් සමරදිවාකර 1959 ඔක්තෝබර් මාසයේ දී අකල් මරණයකට ලක්වුණා.
මේ තොරතුරු සියල්ල, මෙම පළකිරීමේ අග ඇති වීඩියෝවක විස්තර වෙනවා.
එහෙයින් නිෂ්පාදන තොරතුරු කතා නොකර මා ඔබව කැඳවා ගෙන යනවා "දස්කම" චිත්‍රපටියේ ගීත වෙත.
සියලුම ගීත ප්‍රබන්ධ කළේ කරුණාරත්න අබේසේකර මහතා.
මේ ගී හැම එකකම නාමය මත ක්ලික් කිරීමෙන්, "ගී අරණ" අඩවියේ එකී ගීයේ කේවල පළකිරීමට පිවිසෙන්න පුළුවන්. වැඩිමනත් විස්තර සහිතව ගීය රස විඳින්නට හැකි එතැන සිටයි.
ගායනය - ඇන්ජලින් ද ලැනරෝල් සමග මල්ලිකා ද සිල්වා

No comments:
Post a Comment