Thursday, January 5, 2017

කොතැනක හෝ පිපිලා

කොතැනක හෝ පිපිලා
යළි ඔබට මැ සුවඳ ගෙනෙන්නම්
කෙදිනක හෝ වැඩිලා
යළි ඔබට මැ සෙවණ සදන්නම්
කොතැනක හෝ පිපිලා

තනිවී හිඳිනා සඳ නිදි නැති රෑ
පිපී සුවඳ දී උනිමි ඔබේ ළඟ ...//
පෙති පෙති ගලවා පා යට තෙරපා
මල මැලවූයේ ඇයි

කොතැනක හෝ පිපිලා
යළි ඔබට මැ සුවඳ ගෙනෙන්නම්
කෙදිනක හෝ වැඩිලා
යළි ඔබට මැ සෙවණ සදන්නම්
කොතැනක හෝ පිපිලා

සායෙන් පෙළෙනා සඳ ඔබ වනයේ
විලිකුන් කර මම දුනිමි ඵලාඵල ...//
සුහුඹුල් ශාඛා බිඳ ඵල වළඳා
ගස වැනසූයේ ඇයි

කොතැනක හෝ පිපිලා
යළි ඔබට මැ සුවඳ ගෙනෙන්නම්
කෙදිනක හෝ වැඩිලා
යළි ඔබට මැ සෙවණ සදන්නම්
කොතැනක හෝ පිපිලා

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - මර්වින් පෙරේරා

No comments: