දැරිවියේ
දැරිවියේ මේ කඳුළැල් වර්ෂා සැමටමයි
නිදා නොනිඳන රෑ යාමේ
තුරුළු වෙයන් නුඹ නුඹේම තුරුළේ
වීදියෙ අගුපිළ නෑ උණුසුම දෙන්නේ
දැරිවියේ
තෙතබත් නුඹ දැක හිරිකඩ ගීතේ
සිහිවෙනවා මට මගේම දෝණී
නුඹේම වයසේ නුඹ වාගේ
ගලවා මගෙ වත
පොරවා යන්නට
බැරි ඇයිදෝ සිතුණා
දැරිවියේ
මුසපත් ඈ නෙත් හඬනා යාමේ
අයාගයේ මල් පිපේය රහසේ
අනේක වදවී හිත ගාලේ
නළවා කැකුළිය සනහාලන්නට
කවුරුන්දෝ ඉන්නේ
දැරිවියේ
දැරිවියේ
දැරිවියේ මේ කඳුළැල් වර්ෂා සැමටමයි
නිදා නොනිඳන රෑ යාමේ
තුරුළු වෙයන් නුඹ නුඹේම තුරුළේ
වීදියෙ අගුපිළ නෑ උණුසුම දෙන්නේ
දැරිවියේ
ගායනය - සුනිල් එදිරිසිංහ
පද - සිසිර දිසානායක
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
Deriviye - Sunil Edirisinha
No comments:
Post a Comment