අපෙ තාත්තා බය ගන්වා
යමි මගුලක් මම සොයලා
මහ මුහුදෙ වුනත් ගිලිලා
හෝ හෝ...
හෝ හෝ...
ඉංග්‍රීසී කාලේ
මම කලිසමටයි ආලේ
හෙට කොළඹට මම යනවා
ලොකු මහත්තයෙක් වෙනවා
කුඹුරු වැඩට ගෙදර වැඩට
සිංහල තාලෙට ගැලපෙන
කුඹුරු වැඩට ගෙදර වැඩට
සිංහල තාලෙට ගැලපෙන
හොඳ ලක්ෂණ රතු කෙල්ලෙක්
කැන්දාගෙන එනවා ..//
හෝ හෝ...
හෝ හෝ...
මම සුරුස් බුරුස් ගාලා
මරු ඉංග්‍රීසී දොඩලා
මම ආඩම්බර තාලේ
ජොලි ගමන් බිමන් යන්නේ
පිස්සුව අලි වී පෙන්වා
අපෙ තාත්ත බය ගන්වා
හංවඩුවට බය වීලා
කට්ටඩියා බොරු පැලුවා
කොණ්ඩෙ කපල කලිසම් ඇඳ
ටයි බයි දා සුද්දෙක් වගෙ
කොණ්ඩෙ කපල කලිසම් ඇඳ
ටයි බයි දා සුද්දෙක් වගෙ
පාක් එකේ
ෂෝක් එකේ
පාක් එකේ ෂෝක් එකේ
සිගරට් උරමින් යනවා
හරි මෝඩය මගෙ මල්ලී
නැති කරනව අපෙ සල්ලී
ඔය ඉංග්‍රීසිය හින්දා
අපි වැනසෙයි නෑ සංකා
ඔය ඉංග්‍රීසිය හින්දා
අපි වැනසෙයි නෑ සංකා
ගායනය - එඩී ජයමාන්න සමග බර්ට්‍රම් ප්‍රනාන්දු
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය -එස්.එස්. වේදා
1952 දී තිරගතවූ "උමතු විශ්වාසය" චිත්‍රපටියේ ගීයකි.

No comments:
Post a Comment