Sunday, February 8, 2026

හද සිදුරු වුණා මාගේ

හද සිදුරු වුණා මාගේ //
ගිනි ජාලා ඇවිළීලා

නොපෙනේ මේ පාපේ දෝ

හද සිදුරු වුණා මාගේ


වෙන් වී ගිය බව දනිමී //

ගිනි ජාලා අවුළාලා

සෝ ගින්නේ දැවෙමී මා

හද සිදුරු වුණා මාගේ


දුෂ්මන්තාගෙන් 

වෙන් වී ගිය දා

හැඬුවා සකුන්තලා (ආආආ....

හැඬුවා සකුන්තලා


වරද කාගේ දැයි විමසනු සමිඳේ

හැඬුවේ සකුන්තලා (ආආආ...

හැඬුවේ සකුන්තලා


හද සිදුරු වුණා මාගේ

ගිනි ජාලා ඇවිළීලා

නොපෙනේ මේ පාපේ දෝ

හද සිදුරු වුණා මාගේ


ගංගා ලාලනි හඬ හඬා

ගල් පරවල හැපිලා (ආආආ...

යනවා සයුර සොයා


ගලලා කඳුළැලි රෑ දිවා

ගංගා ජලය වෙලා (ආආආ....

එනවා සොඳුර සොයා


පිළිගනිමී 


සිත ඇති දා


නොවේ පත කුඩා (ආආආ....

නොවේ පත කුඩා


ගායනය - රුක්මණී දේවි සමග මොහිදීන් බෙග්

පද - ආනන්ද සරත් විමලවීර

සංගීතය - බී.එස්. පෙරේරා


1955 දී තිරගතවූ "පෙරකදෝරු බෑණා" චිත්‍රපටියේ ගීයකි.




මේ සිංහල ගීතයේ තනුව ස්වතන්ත්‍ර නිර්මානයක් ලෙසයි බොහෝ තැන් වල සඳහන් කර තිබණේ.

එහෙත් මට ඒ පිළිබඳව තහවුරු කර ගැනීම අවශ්‍ය විය. එාහයින් බොහෝ සොයා යෑම් වල නිරත වූයෙමි.

බී.එස්. පෙරේරා ඉහත සිංහල ගීය සඳහා පාදක කරගත් ගීය මට සො⁣යා ගත හැකි විය.

එම ගී තනුව 1951 දී තිරගතවූ Awaara හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගායනා කළ "Ghar Aaya Mera Pardesi" ගීයෙන් උපුටා ගෙන තියෙන්නෙ.

එම තනුවේම ගීයක්ග තෙළුගු චිත්‍රපටියක් වූ "පුට්ටිල්ලු" හීත් අන්තර්ගත වුණා. තිරගත වූයේ 1953 දීය. මේ තොරතුරු තහවුරු කර ගැනීමේදී ⁣විස්තර ලබා දුන් Rajendra Kumar Pujitha Gunawardhana සොයුර කෘතවේදීව සිහිපත් කරනවා.

"හද සිදුරු වුණා මාගේ" ගීය පහත තෙළුගු ගීයේ තනුව පාදක කර ගත් බව පැහැදිලිය.


Jamuna Garu ප නම් පසු කලෙක මහත් ජනප්‍රියත්වයට පත්වූ නිළිය හඳුන්වා දෙනු ලැබුවේ Puttillu තෙළුගු චිත්‍රපටිය තුළිනි.


එහ අඩංගු වූ Janumoyi O Nelaraja යන ජික්කි විසින් ගායන කරන ලද ගීය ශ්‍රවණය කරන්න.


ඔබට පැහැදිලි වේවි, මා ප්‍රකාශ කළ දේ නිවැරදි බව.



මෙම තෙළුගු ගීයේ පද ඉදිරිපත් කළ නොහැක.
ඉදිරියේ දී උත්සාහ කරන්නම්.
තෙළුගු බසින්වත් වන පදමාලාවක් සොයා ගත නොහැකි විය.
"පෙරකදෝරු බෑණා" චිත්‍රපටියේ අනෙක් ගීත සඳහා ද මේ පෙන්වා දුන් අයුරින් වෙනත් ගී වෙතින් උපුටා ගන්නට ඇත යන්න මගේ හැඟීමයි. ගවේෂණ තව දුරටත් ක්‍රියාත්මකයි.


No comments: