Monday, June 8, 2015

රංචු ගැසෙන කොලු රෑනේ

රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන
නුඹේ ළඟදි විසේ කරල බැණුම් අහන
පෙම්වතා මමයි
අහංකාර නුඹේ හිතේ කෝඩුකාර පෙම්වතා මමයි
පෙම්වතා මමයි ...//

කාන්සියට කවිත් ලියන
හිතුන විටක බණත් අහන ..//
දුක හිතුනම හොරෙන් අඬන
පෙම්වතා මමයි
පෙම්වතා මමයි

රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන
නුඹේ ළඟදි විසේ කරල බැණුම් අහන
පෙම්වතා මමයි
අහංකාර නුඹේ හිතේ කෝඩුකාර පෙම්වතා මමයි
පෙම්වතා මමයි

ඉඳල හිටල රණ්ඩු කරන
නුඹෙ කඳුළට හිතින් තැවෙන ..//
නුඹ නැතුවම බැරි නුඹේම පෙම්වතා මමයි
පෙම්වතා මමයි

රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන
නුඹේ ළඟදි විසේ කරල බැණුම් අහන
පෙම්වතා මමයි
අහංකාර නුඹේ හිතේ කෝඩුකාර පෙම්වතා මමයි

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - රවි සිරිවර්ධන
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: