Friday, July 1, 2016

කියන්නම් කතාවක්

කියන්නම් කතාවක්
පාන්නද සිනාවක්
තවත් නෑ වෙලාවක් දැන්
හිතේ නෑ නිදහසක්

අහන්නම් කියන්නකෝ
ඔබේ රස කතා පෙම්
ළඟින් ඉන්නවා ම්
මොකෝ තව පමාවක්
අහන්නම් කියන්නකෝ

සුදෝ සුදු වලාවේ
රිදී හිරු සිනාසේ
ඔබේ රස නුරාවේ
මහද මත් වුනාවේ
මහද මත් වුනාවේ

කියන්නම් කතාවක්
පාන්නද සිනාවක්
තවත් නෑ වෙලාවක් දැන්
හිතේ නෑ නිදහසක්

අහන්නම් කියන්නකෝ
ඔබේ රස කතා පෙම්
ළඟින් ඉන්නවා ම්
මොකෝ තව පමාවක්
අහන්නම් කියන්නකෝ

ගී ගඟක් ගලන්නේ
මා සවන් පිනන්නේ
මල් මිටක් වගේ මං
ඔබ විලක් වුනා නම්
ඔබ විලක් වුනා නම්

කියන්නම් කතාවක්
පාන්නද සිනාවක්
තවත් නෑ වෙලාවක් දැන්
හිතේ නෑ නිදහසක්

අහන්නම් කියන්නකෝ
ඔබේ රස කතා පෙම්
ළඟින් ඉන්නවා ම්
මොකෝ තව පමාවක්

ම්ම්.. ම්. ම්ම්.. ම්

ගායනය - ලතා වල්පොල සමග එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්.කේ. රොක්සාමි
1970 දී තිරගතවූ "ඔහොම හොඳද" චිත්‍රපටියට මේ ගීය ගැයුවේ
එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලකයි.

No comments: