ඇතෙකුගෙ හිත කොහොමද
හඳුනන්නේ
එක වහලක් යට හෙවණට හිටි
අප
මොන එහෙකටදෝ මළගම් යන්නේ
උන්ගේ නිල තල නම්බු
රකින්නලු
උඹ පොඩි කාලෙම ගෙනත්
තියෙන්නේ
අපි දෙන්නම වහලුන් බව
නොදැනලු
දෙපිල බෙදීගෙන පොර
අල්ලන්නේ
විලංගු මාලය කරවට ලෑවට
ඇතෙකුගෙ හිත කොහොමද
හඳුනන්නේ
එක වහලක් යට හෙවණට හිටි
අප
මොන එහෙකටදෝ මළගම් යන්නේ
තනි නොතනියකට උඹ ළඟ හිටි
මට
ආඩම්බර ඇයිදෝ පෙන්වන්නේ
අප මිය ගිය මුත් පන්සල්
වල නම්
පෝය හඳට යන පෙරහර යන්නේ
විලංගු මාලය කරවට ලෑවට
ඇතෙකුගෙ හිත කොහොමද
හඳුනන්නේ
එක වහලක් යට හෙවණට හිටි
අප
මොන එහෙකටදෝ මළගම් යන්නේ
ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - අමරසේන කංකානම්ගේ
තනුව
- රෝහණ වීරසිංහSong - Vilangu Malaya
Singer - Edward Jayakody
Lyricist - Amarasena Kankanamge
Composer - Rohana Weerasinha
No comments:
Post a Comment