මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ
ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ ...//
නෙතු දැහැනේ රැඳෙනා සිහිනේ
හද මැදුරේ බිඳෙනා සුසුමේ ...//
ප්‍රේම ප්‍රාර්ථනා
නේක වේදනා
මා සොයා ඇදේවී
මා සොයා ඇදේවී
මාලතී වසන්තේ
මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ
ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ
මුතු හසරැල් සැලෙනා දෑසේ
පිණි කඳුළැල් පුරවා රහසේ ...//
මේ පහන් රැයේ
මා නෙතින් මිදී
ඈ බලා හිඳීවී
ඈ බලා හිඳීවී
මාලතී වසන්තේ
මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ
ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ ...//
ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - රෝහණ වීරසිංහ
Song - Malathi Wasanthe
Singer - Edward Jayakody
Lyricist - Kumaradasa Saputhantri
Composer - Rohana Weerasinha
No comments:
Post a Comment