මිනිසා හඳට ගියාලූ
මිනිසා පුදුම උනාලු ...//
බිම බැලුවාලු
උඩ බැලුවාලු ...//
මිනිසා හඳට ගියාලූ
මිනිසා දන් දෙනවාලූ
දුගියා පින් දෙනවාලූ ...//
දන් දෙනවාලූ
පින් දෙනවාලූ ...//
දුගියෝ වැඩි වෙනවාලූ
මිනිසා හඳට ගියාලූ
මිනිසා පුදුම උනාලු ...//
බිම බැලුවාලු
උඩ බැලුවාලු ...//
මිනිසා හඳට ගියාලූ
මිනිසා දියුණු වෙලාලූ
ලෝකේ අවුල් වෙලාලූ ...//
දියුණු වෙලාලූ
අවුල් වෙලාලූ ...//
මිනිසා හඳට ගියාලූ
මිනිසා හඳට ගියාලූ
මිනිසා පුදුම උනාලු ...//
බිම බැලුවාලු
උඩ බැලුවාලු ...//
මිනිසා හඳට ගියාලූ
ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - එඩ්වඩ් ජයකොඩි
No comments:
Post a Comment