Sunday, September 25, 2016

ගං ඉවුරේ

ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුලින තලාවේ
සෙනෙහස් හැඟුමෙන් චමත්කාරවී
අප ගැන අප සිතු හැටි මිහිරී ...//

ආදර වීදියෙ ජයමංගල ගී
කුරුළු කැදැල්ලකි පුංචි පැලේ
ප්‍රේමවන්තයෝ ...
ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී
යළි ඉපදුණු හැටි හරිම අගෙයි

ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුලින තලාවේ
සෙනෙහස් හැඟුමෙන් චමත්කාරවී
අප ගැන අප සිතු හැටි මිහිරී

පුංචි සණ්ඩු මැද හිනාවෙවී
කිරුළු පලන් ජීවිත ගමනේ
දෝර ගලා ...
දෝර ගලා කරදර ආවත්
ඉඳිමු එදා මෙන් වෙනස් නොවී

ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුලින තලාවේ
සෙනෙහස් හැඟුමෙන් චමත්කාරවී
අප ගැන අප සිතු හැටි මිහිරී ...//

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - කුසුම් පීරිස්
තනුව - රෝහණ වීරසිංහ

No comments: