Tuesday, October 4, 2016

අන්න බලන් සඳ

අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා ...//

චන්දන පල්ලව කෝකිල කූජන සංගීතයේ පැටලී //
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ //
ආදර බස් කියනා
හඬ දේවිනි කන් පිනනා

අත් පසුරෙන් තුරු පෙම්බරයන්
බඳ බන්දා සෙනේ සිතිනි
ලිය වැල් පැටලී ගොසිනී ....//

පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ මාරුතයේ හැපිලා //
මන්මද රංගන මණ්ඩපයේ මෙම //
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා සාමිනේ

අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා ...//

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ සන්ධ්‍යා දීපානි
පද - මහගම සේකර
තනුව - සෝමදාස ඇල්විටිගල
කුණ්ඩලකේශී නාට්‍යයේ ගීයකි.

මෙහි මුල් ගායනය - බෙන් සිරිමාන්න හා ට්‍රිලීශියා ගුණවර්ධන ගෙනි.

No comments: