තාරපතී
අහසේ සුදිලේවී දීප්ති විහිදමිනේ //
රම්ය
සොබා ධර්මේ //
ඇසේ
මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ //
රිදී
කඳන් සේ ජල ධාරාවෝ
පෙනේ
පෙනේ හැලි හැලි කඳු මුදුනේ ...//
භෘංගයෝ
නද දිදී හැසිරෙතී //
සෝබන
මල් ගොමුවේ //
ඇසේ
මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ //
හිඳ
මේ ගංතීරේ මඳ වේලා
පීනමු
මේ අම ගී දහරාවේ
ඔබයි
සාගරේ මමයි තරංගා //
ඒ
මත සැනසෙන්නා //
ඇසේ
මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ //
තාරපතී
අහසේ සුදිලේවී දීප්ති විහිදමිනේ //
රම්ය
සොබා ධර්මේ //
ඇසේ
මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ //
ගායනය
- විශාරද නන්දා මාලිනී
මුල්ගායනය - ආනන්ද සමරකෝන් සහ වී.පී. ලීලාවතී
පද
රචනය - ආනන්ද සමරකෝන්
තනුව
- ආනන්ද සමරකෝන්ය
No comments:
Post a Comment