මල්
කියන්නෙ කාට කාට
ළමයින්ටයි
පාට පාට....//
පෙළක්
ළමුන් සුවඳ ගොඩයි
පෙළක්
ළමුන් හරිම හැඩයි....//
පාසල
මේ ළමයින්නේ
පොළොව
යටයි නොපෙනෙන්නේ....//
තදින්
වැස්ස වහින කලේ
මල්
පාසල වතුර වලේ....//
වතුර
පිරෙන වැහි කාලේ
නිවාඩු
දෙයි ඉස්කෝලේ....//
නිවාඩුවට
ඇදුම් ඔපේ
පෙන්වා
මල් ළමුන් පිපේ....//
මල්
කියන්නෙ කාට කාට
ළමයින්ටයි
පාට පාට....//
පෙළක්
ළමුන් සුවඳ ගොඩයි
පෙළක්
ළමුන් හරිම හැඩයි....//
පාසල
මේ ළමයින්නේ
පොළොව
යටයි නොපෙනෙන්නේ....//
දැන්
මල් පාසල් නිවාඩු
ළඟදී
අපටත් නිවාඩු...//
ගායනය
- විශාරද නන්දා මාලිනී
පද
රචනය - පී.බී. අල්විස් පෙරේරා
තනුව
- විශාරද නන්දා මාලිනී
No comments:
Post a Comment