ප්‍රේම මන්දිරේ
දෙදරා ගරා වැටේ
පුද දී හදින් නිකැළැල්
නොඉඳුල් දෙතොල් දෙනුවන්
ලද තිළිණය කඳුළද ළඳුනේ
කුරිරු දෛවයේ
ආ..... ආආඅ ආ.....
ආ.... අ ආ....
ආ ආ ආ ....... අආ..
රුදු මිරිගු දියට රැවටී
මරු කතර අතරමං වී ...//
සුරම්‍ය සිහින ලොව බිඳුණී
ගිනි ජාලාව ද ස්නේහයේ
ඉරණම ළඳුනේ
කුල ගෙයක මිහිර වියැකී
දඟ ගෙයක සිරුර සිර වී
....//
නොකල්හි මිලාන වී වැටුණී
බිලිපූජාව ද ආලයේ
දඬුවම ළඳුනේ
ප්‍රේම මන්දිරේ දෙදරා ගරා
වැටේ
පුද දී හදින් නිකැලැල්
නොඉඳුල් දෙතොල් දෙනුවන්
ලද තිළිණය කඳුළද ළඳුනේ
කුරිරු දෛවයේ
ගායනය - නිරෝෂා විරාජිණී
පද රචනය - මහාචාර්ය සුනිල්
ආරියරත්න
තනුව හා සංගීතය - රෝහණ
වීරසිංහ
කුස පබා සිනමා ගෙත්තමේ
වැළපුම් ගී හුයකි.
No comments:
Post a Comment