Friday, January 27, 2017

මේ ගී එදා

මේ ගී එදා ඇගේ හදින් මා ඇසූ රාවයයි

මේ ගී එදා ඇගේ හදින් මා ඇසූ රාවයයි
මා ඇසූ රාවයයි

ඇගෙ පිළිරුව සිත ඇඳී
ජීවමාන වී හිඳී
මම හඬගා විමසමී
එපමණ දෝ මට හිමී

මේ ගී එදා ඇගේ හදින් මා ඇසූ රාවයයි

ලොව සුවහස් දරුවනේ
දරු සෙනෙහස මට දැනේ
ඈත ඉඳන් අත වනා
මට අඬගසනුය පුතේ

මේ ගී එදා ඇගේ හදින් මා ඇසූ රාවයයි
මා ඇසූ රාවයයි

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

1978 දී තිරගතවූ "ජනක සහ මංජු" චිත්‍රපටියේ ගීයකි.


ගීතය සිනමා කෘතිය තුළ..... (දුර්වල වීඩිෝයෝවකි)

No comments: