අයියණ්ඩියෙ
පොඩි දා සිට අපි දෙන්නා
එක
වහලක් යට වැළි කෙළිමින් උන්නා
එක
කුස උන් සුවඳින් සෙනෙහස වැඩුණා
කිරි
එරුණා සේ නුඹ මා වෙත බැඳුණා
නුඹ
පසු බැස්සේ මට ජය ගෙන දෙන්නයි
දර
දිය ඇද්දේ මට බත සපයන්නයි
කුසගිනි
දැරුවේ මා කුස පුරවන්නයි
වැරහැලි
ඇන්දේ මට පිරුවට දෙන්නයි
අයියණ්ඩියෙ
පොඩි දා සිට අපි දෙන්නා
එක
වහලක් යට වැළි කෙළිමින් උන්නා
එක
කුස උන් සුවඳින් සෙනෙහස වැඩුණා
කිරි
එරුණා සේ නුඹ මා වෙත බැඳුණා
සොයුරන්
ඇත ලොව මව්වරු පියවරු වන්
දුක
සඅප හමුවේ බිතු සිතුවම් රූ මෙන්
පෙම්
කවි ගොතනා කිවියරුනේ සුපසන්
සොහොයුරු
පෙම ගැන නව කව් ගී පවසන්
ගායනය
- විශාරද නන්දා මාලිනී
පද
රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ඔස්ටින්
මුණසිංහ
No comments:
Post a Comment