Thursday, January 5, 2017

කප් සුවහස් කල්

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
අනන්ත බාධක දුක් පීඩා විඳ
භවෙන් භවය යන මං සළකුණු දැක
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා

සත් සමුදුර තරණය කර ආවා
සත් කුළු පව් අතරින් දිව ආවා ...//
තරු එළියෙන් පියවර මැන ආවා
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා

නොනිමෙන ගමනක ආශා පොදි බැඳ
මිරිඟුව පසුපස දිව යන ඉකිබිඳ ....//
දිවි වෙණ වැයුමට ඔබ පසෙකින් හිඳ
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
අනන්ත බාධක දුක් පීඩා විඳ
භවෙන් භවය යන මං සළකුණු දැක
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - රත්න හෙක්ටර් දිසානායක

තනුව - පියතිස්ස අලහකෝන්

මේ මෙම ගීයේ මුල් ගැයුමයි.

No comments: