Thursday, January 5, 2017

චන්ද්‍ර මඬුළු යට

චන්ද්‍ර මඬුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ

රන් තැටියට කිරි පැණි පුරවාගෙන
හඳහාමී දූ බලන්න එනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
හඳහාමී කෙලෙසද මෙහි එන්නේ

කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියාලූ
ගඟට උඩින් කිරි කොක්කු ගියාලූ
දුවේ එපා ඒ කතා අහන්නට
මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ

චන්ද්‍ර මඬුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ

දූ අල්ලන්නට හැන්දෑ යාමේ
මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු
වීර දුවේ මා බිය නොමවන්නේ
සිහල ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ

චන්ද්‍ර මඬුළු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මහින්ද අල්ගම
තනුව - විශාරද නන්දා මාලිනී

2 comments:

Gaminda said...

මේ ගීතයේ කොටසක් අඩුයි

දූ අල්ලන්නට හැන්දැ යාමේ,
මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු,
වීර දුවේ මා බිය නොම වන්නේ ,
සිහල ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ..

Gee Arana ගී අරණ said...

ඔව් ඔබ නිවැරදියි. මතක් කර දීම ගැනත් ස්තුතියි.
මේ ගීය පමණක් නොවෙයි තවත් රාශියක් ගී, කිසියම් අවස්ථාවක සුරැකුම් අවකාශයක වූ කඩාවැටීමක් හේතුවෙන් අහිමිව ගියා. මම පමණක් නොවෙයි, divshare භාවිතා කළ බොහොමයකට මේ දේ වුණා. ඒ අහිමිවී ගිය දත්ත නැවත පිළිසකර කිරීම සිදුකරගෙන යනවා.
යාවත්කාලීන කරද්දී ඉහත ගීයේ ගැයෙන කොටසට අදාලව පද වැල ඉදිරිපත් කළා. පූර්ණ ගීය පෙර පරිදි ස්ථාපනය කරන්නට තමයි අදහස් කර සිටියේ. එහෙත් අධික යාවත්කාලීන වැඩ කොටසක් ගොඩ ගැසී තිබුණ නිසා මෙය තිබූ ලෙස ප්‍රතිශ්ඨාපනය මඟහැරී ඇති බව ඔබේ දැනුවත් කිරීමෙනුයි මතකයට ආවේ. ඉතාම කෘතඥ වෙනවා මතක් කර දීම ගැන. ඉතා ඉක්මණින් පිළිසකර කරනවා.
මම කැමතියි⁣ ඔබ මට කතා කරනවා නම්....
මගේ දුරකතනය - 071 4274851 හෝ 076 8893817 ට කතාකරන්න.
බෙහෙවින්ම ස්තුතියි.